45 පරිච්ඡේදය

1.3K 276 44
                                    

"කොහෙද යන්න හදන්නේ?"

යේන්ගේ ග්‍රහණය ෂමිත්ව නැවත නිසල කරන්නට සමත් විය. ෂමිත් ඔහුගේ හැඟීම් පාලනය කර ගන්නට දැඩි උත්සාහයක නිරත වන බව ඔහු හුස්ම ගන්නා වේගයෙන්ම යේන්ට වටහා ගත හැකි විය. තමාගේ මෙවැනි ඉතා කුඩා හැසිරීමකින් වුවත් ෂමිත්ගේ සිතුවිලිවලට දැඩි බලපෑමක් කළ හැකි බව යේන් තහවුරු කර ගත්තේ ඒ අවස්ථාවේ ය.

"යන්න එපා මෙතනින් ඉන්න."

කියමින් යේන් තමාගේ අතැඟිලිවලට සිර වී තිබූ ෂමිත්ගේ අත රැගෙන එය ඔහුගේ හිස මත තබා ගත්තේ ය. එයින් ෂමිත් තවත් කලබල විනි.

"යේන්?!"

"මට තරහ ගිහින් නෑ. මං කලිනුත් කිව්වනේ ඔයාට මුකුත් කරන්නෑ කියලා. ඒ නිසා ඔහොම බය වෙන්න එපා."

යේන් ෂමිත්ගේ කලවයෙන් හිස තබාගෙන, දෑස් පියාගෙන සන්සුන් ස්වරයෙන් කියාගෙන ගියේ ය. නමුත් ෂමිත්ට තිබූ ප්‍රශ්නය එය නොවේ. ඔහුට තිබූ එකම ගැටලුව යේන් තමන් සමග මෙතරම් සමීපව සිටිනා විට ඔහුගේ හැඟීම් ඔහුගේ පාලනයෙන් තොර වීම ය. ඔහු අපහසුතාවයට පත් වීමට ප්‍රධානම හේතුව එය යි.

"යේන්. මාත් එක්ක මෙහෙම ඉන්න එක නවත්තන්න...."

දැඩි ආයාසයක් දරා ෂමිත් කියා ගත්තේ ය.

"ඇයි ඒ?"

"ඇයි කියන්නේ? මගෙ sextuality එක මොකක්ද කියලා ඔයා දන්නව නේ? ඔයා මෙහෙම ඉන්න එකෙන්-"

"ඔයාව turn on වෙනවා. එහෙම නේ?"

යේන් නිවැරදිවම වාක්‍යයේ ඉතිරිය සම්පූර්ණ කළේ ය. ෂමිත් නිහඬ ය. දන්නවා නම් ඔහු එය ම කරන්නේ ඇයි? එය ෂමිත්ගේ කෝපයට ද හේතු විය.

"දන්නව නං ඇයි ඒකම කරන්නේ?"

ෂමිත් ඇසුවේ නොඉවසිලිමත් ස්වරයකිනි. ඒත් සමග යේන්, ඔහුගේ හිස එලෙසම තබාගෙන, ඔහුගේ එක් අතක් ෂමිත්ගේ ගෙල වටා යවා ඔහුගේ හිස බලෙන් මෙන් මදක් පහතට කළේ ය.

"ඒයි!!"

පහතට නැමී ඇති ෂමිත්ගේ මුහුණත්, ඔහුගේ කලවය මත තිබූ යේන්ගේ මුහුණත් අතර තිබුණේ අඟල් කිහිපයක දුරකි.

The Deathtrap Where stories live. Discover now