1st Feet

435 119 18
                                    

Jin's POV

ඉතින් ආයෙමත් මම හොස්පිටල් එකේ. මම දන්නේ නෑ මේ මම හොස්පිටල් එකට ආව කී වෙනි පාරද කියලා. ඒත් කොහොම හරි මම ආයෙමත් ආවා. මම හොදටම දන්නවා තව මාස 3කටවත් මට ගෙදර යන්න වෙන්නේ නෑ කියලා.

ආව ගමන්ම මම මගේ බඩු ටික අන්පැක් කරන්න පටන් ගත්තා. හොදම දේ හොස්පිටල් වෝඩ් එකක් වගේ නැතුව මටම කියලා රූම් එකක් තියන එක. ඊටත් වඩා හොද මට ඕනේ විදිහට මගේ රූම් එක මට සෙටප් කරගන්න පුලුවන් එක. ගෙදර , හොස්පිටල් එක... වෙනසක් නෑ ඉතින් මගේ ජීවිතේ....

වෙනදට වඩා මට අද දවස ගැන දුකයි. කලින් මම කිව්වා වගේ මට ගානක් නෑ මම ඉන්නේ හොස්පිටල් එකේද, ගෙදරද කියලා. මොකද මට හොස්පිටල් එකත් ගෙදර වගේ තමයි. ඒත් අද... අද වෙන හැගීමක් මට තියෙන්නේ. මම ඉදලා ඉදලා කෙන් , සෙන්ඩුල් දෙන්නා එක්ක ෆන් ඉවෙන්ට් එකකට යන්න හිටියේ.

ඒත් අන්තිමට උනේ මට හොස්පිටල් එන්න. මම දන්නවා කෙන් , සෙන් දෙන්නාටත් මාත් එක්ක කරන දේවල් ප්ලෑන් කරන එක එපා වෙලා ඇති. ඒත්... මේක මගේ ජීවිතය. මට වෙනස් කරන්න බැරි මගේ ජීවිතය .. 

ඒත් ඒ දෙන්නා අදත් එනවා මාව තනි කරන්නේ නැතුව බලල යන්න. එනවා නෙවෙයි. ඇවිල්ලා. දොරට තට්ටු කරන සද්දෙත් එක්ක මම ගිහින් දොර ඇරියම කෙන් ඇවිත් මගේ බෙල්ලේ එල්ලුනා.

"ජිනී!!!"

"ජින්ව අත අරිනවා කෙන්. කොන්දත් කඩන්නද හදන්නේ."

සෙන්ඩුල් කෙන්ව තල්ලු කරගෙන රූම් එක ඇතුලට ඇවිත් එයාගේ අතේ තිබ්බ පේපර් බෑග්ස් ටික ස්ටූල් එක උඩින් තිබ්බා

"කෑම? "

"ඔව්."

මම සෙන්ඩුල් ගෙන් අහපු දේට කෙන් උත්තර දුන්නේ. මම කෙන්ගෙන් ඈත් වෙලා ගිහින් පේපර් බෑග්ස් ටික අරගෙන කෑම එකින් එක එලියට අරගෙන කන්න ගත්තේ ඇත්තටම මගේ හිත හදන්න පුලුවන් එකම දේ කෑම හන්දා.

"මෙයාට අපිවත් අමතකයි කෑම දැක්කම..."

"කෑම තමයි ජීවිතේ කෙන්..."

මම ෆ්‍රයිස් බෑග් එක අරගෙන පුටුවෙන් වාඩි වෙනකොට කෙන්  ඇදෙන් වාඩි උනා.  සෙන්ඩුල් මගේ දිහා බලන් ඉදලා එක පාරටම මගේ ඇස් එයාගේ ඇස් හම්බුන ගමන් එයා අහක බලාගත්තා.

එයත් දුකින් මන් ගැන....

මාත් දුකින් මන් ගැන....

 

To be continued....


Fiction by Roshell 🍃


ලියන ලියන චැප්ටර් එක මේකෙ අප්ඩේට් කරන්නම්. ශෝර්ට්ස් අප්ඩේට්ස්. අද ගොඩක් වෙලා මට ඉන්න පුලුවන් වෙයි වගේ.( දැනට තියන තත්ත්වය අනුව )

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now