Jin's POV
.පලවෙනි වතාවට මම හොස්පිටල් එක ඇතුලේ ගොඩක් තනි උනා. ජන්ග්කුක් මාත් එක්ක කතා කරේ නෑ.ටේහ්යුන්ග් මගේ ඉස්සරහට එනකොට මම එයාව මගඇරලා ගියා. මගේ ෆෝන් එකට කෝල්ස් ආවේ නෑ ඉස්සෙල්ලා වගේ. මම සම්පූර්ණයෙන්ම පාලු ලෝකෙකට ඇතුල් උනා වගේ උනා.
එක දවසක එක රෑක මම මගේ ස්කූල් එකේ පොතක් ස්ටඩි කර කර ඉන්නකොට කවුරු හරි දොරට තට්ටු කරනවා ඇහුනා. ආයෙමත් තට්ටු කරන්නේ කවුද කියලා කියනකන් බලාගෙන හිටියත් ආයෙමත් තට්ටු කරන සද්දේ මට ඇහුනේ නැති හන්දා මම නැගිටලා ගිහින් දොර ඇරලා බැලුවා. ඒත් කවුරුත් එතන හිටියේ නෑ. මගේ හිත මාත් එක්ක සෙල්ලම් කරනවා කියලා හිතාගෙන දොර වහන්න යනකොට මම දැක්කේ බිම තිබ්බ බෝතලය.
මම ඒක අතට ගත්තම තමයි හරියටම ඒක මොක්ක්ද කියලා දැක්කේ. ටේටේගේ ට්‍රෆල්ස් බෝතලය. ඒක උඩ එයා ස්ටිකි නෝට් එකක් අලවලා තිබ්බා.
~~පලවෙනි වතාවට ඔයා හරි!!
මම ඒක මගේ කබඩ් එකේ තියලා ටේටේට මැසේජ් එකක් දැම්මා මාව පහල ලෝන්ජ් එකේදි හම්බෙන්න කියලා. මම එතනට යනකොටත් එයා එතනට ඇවිල්ලා හිටියා.වෙනඩර් මැශින් එකෙන් ස්නැක්ස් පැකට් එකත් අරන් මම සෝෆා එකෙන් වාඩි වෙලා හිටපු ටේටේට ඒකෙන් දමලා ගැහුවේ මාව මෙච්චර දවසක් තනි කරලා තිබ්බට.
"මෝඩයා. "
"පිටසක්වලයා. "
"ඔයා කිව්ව හරි ජිනී.
මම බය ගුල්ලෙක් තමයි. ඔයා කිව්ව දේ හරියටම හරි. මට ආදරේ කරන කෙනාට මගෙන් අනිත් අතට හම්බෙන්නේ මොනවද දන්නවද ? එයාලට මාව මැරිලා යන එක බලාගෙන ඉන්න වෙනවා. හොස්පිටල් එනවා යනවා ඉවරයක් නෑ , මාසෙන් මාසෙට සර්ජරීස්, බෙහෙත් අහුරු පිටින් බොන්න වෙනවා. මට 18ට උනාට පස්සේ මට ඉන්ශුවරන්ස් ගන්නත් බෑ. මට හිතාගන්න බෑ මට කාගේ පිටද මගේ මේ බර පටවන්න ඕනේ කියලා. මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙද, නැත්තන් මගේ පවුලෙද? ඒක මගේ ප්‍රශ්නයක්. මට බයයි මගේ ගැන. මට බයයි මගේ අනාගතය ගැන...""අපි ජන්ග්කුක්ට කියමු ඔයාව මැරි කරන්න කියලා. එයා ගොඩක් පෝසත් කෙනෙක්...."
"එයා කැමති ඔයාට ජින්.ඒත් මට හරි දුකයි ඔයාලා දෙන්නා ගැන. ඔයාලා දෙන්නට වෙන්න යන දේ ගැන. "
මම ටේටේ කිව්ව දේ ගැන හොදට හිතන ගමන් එයා දිහා බලන් හිටියා.ඊට පස්සේ මගේ ඇස් එයා වාඩි වෙලා හිටපු තැනට උඩින් තිබ්බ නෝටිස් එකට ගියේ මගේ ජීවීතේ අලුත් ගමනකට පාර කියන ගමන්.
YOU ARE READING
Five Feet Apart | Jin × Kook | Completed
Fanfictionඅපිට හුස්මගන්න වාතය ඕනේ තරමටම අපිට අපි ආදරේ කරන අයගෙන් ඒ 'ස්පර්ෂය' ඕනේ වෙනවා... ~ඒත් මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඒ මිනිස් 'ස්පර්ෂයේ' වැදගත්කම..... ~එයාගේ 'ස්පර්ශයේ' වැදගත්කම.... ~මට ඒක ආයෙ ඒක කවදාවත් නොලැබෙන තැනට පත් වෙනකන්.... Inspired by 'Five F...