49th Feet

191 79 2
                                    


Jin's POV

අපි දෙන්නා එහෙමම වතුරට පැනලා වතුර ගහගත්තා ගොඩක් වෙලා. අන්තිමට සීතල වැඩි පුර දැනෙන්න පටන් ගත්ත නිසා අපි දෙන්නම වතුරෙන් එලියට ඇවිල්ලා ඇදුම් ඇදගෙන ආයෙමත් උඩ තට්ටුවට ඇවිල්ලා ඈත පේන ලයිට්ස් දිහා බලන් හිටියා 

"සූබිනුයි මායි ඉස්සර හිතුවේ ඒ ඈත පේන් ලයිට්ස් තරු කියලා. අපි එහෙම හිතලා එක එක විශ් කරලා තියනවා. එයා කිව්වේ නෑ මට කවදාවත් එයා මොනවද ඉල්ලුවේ කියලා. ඒත් මම හිතන්නේ එයා ඉල්ලන්න ඇත්තේ මට අලුත් පෙනහලු දෙකක් දෙන්න කියලා වෙන්න ඇති. "

"එයාගේ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන්න කියලා මම පතනවා ජින්."

"මාත්...."

අපි දෙන්නම බිත්තියට හේත්තු වෙලා කිසි කතාවක් කරන්නේ නැතුව අපේ මූණු දිහා බලන් හිටියා. ඒක නිකන් භාවනාවක් වගෙයි මට දැනුනේ. අන්තිමට මගේ ෆෝන් එකට ආව කෝල් එකක් හන්දා මගේ භාවනාව කැඩුනා.

"හෙලෝ"

~ හොබී දැනගත්තා ඔයාලා දෙන්නා රූම්ස් වල නෑ කියලා. දැන් එයා ඔයාලව හොයනවා.

ටේටේ කිව්ව දේට මම බය උනා හොදටම.

"අපි නෑ කියලා හොබී දැනගෙන. එයා මුලින්ම මාව හොයන්නේ  එන්.අයි.සී.යු එකේ මම එතනට යන්නම්. බායි  "

ජන්ග්කුක්ට වචනයක් වත් කියන්න දෙන්නේ නැතුව මම එන්. අයි. සී. යූ එකට දිව්වා. ලිෆ්ට් එකේ ගියොත් මාව හොබීට අහු වෙන්න පුලුවන් නිසා මම හති දදා පඩිපෙල දිගේ දුවගෙන ගියේ මට දුවන්න හොද නෑ කියලා දැනගෙනමයි.

දුවලා දුවලා ගිහින් එන්.අයි.සී. යූ එක ඉස්සරහා තියන සෝෆා එකට වැටිලා නින්ද ගිහින් වගේ ඇස් වහගෙන හිටියා. ටිකකින් දොර ඇරෙන සද්දෙකුයි අඩි සද්දයකුයි මගේ ලගින් ඇහිලා පස්සේ අඩි සද්දේ මගේ ලගින් ඈත් වෙලා දොර වැහෙන සද්දයක් ඇහෙනකොට මට තේරුනා  යන්තම් මම හොබීගෙන් බේරුනා කියලා.

හොබීගෙන් බේරුනාට මම කැස්සෙන් බේරෙන්න බැරි උනා. හුස්ම ටිකක් හිර කරවන කැස්සක් මට වද දෙනකොට මම ෆෝන් එක අරගෙන සෝෆා එකේ කෙලින් වාඩි වෙලා කුකීට මැසේජ් එකක් දැම්මා.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now