20th Feet

199 95 5
                                    

Jin's POV

අද ඔම්මා මාත් එකක් බ්‍රෙක්ෆස්ට් ගන්න එනවා කිව්ව හන්ද මම උදේම නැගිටලා ගිහින් පහල කැෆටේරියා එකට වෙලා වෙලාව බල බල හිටියේ ඔම්මා එන්නේ කාලෙකට පස්සේ හන්දා. එයා ආව ගමන්ම අපි දෙන්නා අපි දෙන්නට කෑම අරගෙන්ඣ් ගිහින් ටේබ්ල් එකක වාඩි උනා.

එක එක දේවල් කතා කර කර අපි දෙන්නා කෑම ගත්තත් ඔම්මාගේ ඇස් වලින් මම එයාගේ දුක දැක්කා. එයා අප්පාගෙන් ඩිවෝස් එක අරගත්ත එක ගැන දුක් වෙනවද කොහෙද. ඔම්මා මගේ දිහා හොරෙන් බලලා එයා මගේ දිහා බලන් ඉන්න එක මට අහු වෙනවා කියල දැනගත්තට පස්සේ ඉක්මනට අහක බලාගන්නවා.

"ඔයා මේ කන විදිහ එච්චර හොද නෑ ඔම්මා. ඉස්සර කන තරමින් බාගයක් වත් ඔයා කන්නේ නෑ. "

"එහෙමද ඔයාට පෙන්නේ ජිනී? සමහර විට මම අලුත් ඩයට් එකකට ලෑස්ති වෙනවා ඇති. "

"බොරු කියන්න එපා ඔම්මා. ඇයි ඔයා  සැරේන සැරේට මගෙ දිහා හොරෙන් බලන්නේ? "

"මම ? හොරෙන් බලනවා. මම මොකටද මගේ පුතා දිහා හොරෙන් බලන්නේ? සමහර විට... සමහර විට මට ඔයාගේ මේ ඩ්‍රින්ක් එක ඕනේ වෙලාද දන්නේ නෑ මම ඔයා දිහා හොරෙන් බැලුවේ..."

ඔම්මා කතාව විහිලුවට හරවලා මගේ ලග තිබ්බ කිරි එක ඉක්මනට ගත්තා. මාත් ඒක ඔම්මාගෙන් උදුරගන්න යනකොට අපි දෙන්නා කප් එක දෙපැත්තට අදිනකොට මගේ පැත්තට කප් එක බර වෙලා කිරි එකෙන් බාගයක් මගේ අතේ හැලුනා.

"අයියො.."

"කෝ මට නැප්කින්ස් ටික දෙන්න.. මම පිහ දාන්නම්."

ඔම්මා මගේ ලග තිබ්බ නැප්කින්ස් ටික අරගෙන මගේ අතේ කිරි ගැවිලා තිබ්බ තැන් පිහ දැම්මා. පිහ දාන ගමන් එයා එයාගේ කදුලු වලට වැටෙන්න දෙනකොට මම එයා මගේ අත පිහදාන එක නවත්තලා මගේ අත් දෙකෙන්ම එයාගේ අත් දෙක අල්ලගත්තා.

"මම ඔයාට ගොඩක් ආදරෙයි ජිනී.."

"මම දන්නවා ඔම්මා. මම ඒක දන්නවා. "





ඔම්මා එක්ක කතා කරලා ඉවර වෙලා මම මගේ රූම් එකට ආවේ ඩොක්ටර් නම්ජූන් මාව චෙක් කරන්න එන වෙලාව හරි කියලා දන්න හන්දා. උදේ බෙහෙත් ටික ගත්තද කියලා අහන්න ජන්ග්කුක්ට කෝල් එකක් ගන්න හැදුවත් ඒත් එක්කම ඩොක්ටර් ආව නිසා මට කෝල් එක ගන්න පුලුවන් උනේ නෑ.

ඩොක්ටර් නම්ජූන් මගේ බඩේ ජී ටියුබ් එක ලග ඉන්ෆෙක්ශන් එක බැලුවා..

"ඒක රිදෙනවද ?"

"ඔව්..ගොඩක් රිදෙනවා."

"අපි තව දවස් 2ක් බලමු. ඒත් අඩුවෙන පාටක් නැත්තන් අපි ජී ටියුබ් එක අයින් කරමු."

ඩොක්ටර් ගියාට පස්සේ මගේ ෆෝන් එකට නොටිෆිකේශන් එකක් ආව හන්දා මම ඒක චෙක් කරලා බැලුවේ මොකක්ද කියලා. මගේ ඇප් එකෙන් මට ජිම් යන වෙලාව රිමයින්ඩ් කරලා තිබ්බා. 

මම ලෑස්ති වෙලා ජිම් එකට යනකොටත් ජන්ග්කුක්  ජිම් එකට ඇවිල්ල හිටියේ. ඒත් එක්සයිස් කරනවා වෙනුවට වාඩි වෙලා හිටියේ.

"ඔයා පරක්කුයි."

"ඔව්. ඩොක්ටර් නම්ජූන් මාව චෙක් කරන්න ආවා."

මම බෑග් එක බිමින් දාල වතුර බෝතලයත් අරගෙන එක්සයිස් කරන්න පටන් ගත්තා. හැමදාම වගේ පලවෙනි විනාඩි 5 යනකොටම  ජන්ග්කුක් හති දාන්න පටන් ගත්තේ පැය 5ක් එක්සයිස් කරා වගේ. එයාට තියෙන්නේ බැරි කම නෙවෙයි. කම්මැලිකම..

"කවද්ද අපි දෙන්නගේ ඩීල් එකෙන් අපි දෙන්නටම බෙනිෆිට්ස් හම්බෙන්නේ? මම ඔයා කියන කියන ඔක්කොම දේවල් කරා. ඒත් මට ඕනේ දේ තාම උනේ නෑ."

"ඔයා කියන්නේ මම මේ දාදිය දාලා ඉන්න වෙලාවේ ඔයාට මාව අදින්න ඕනේ කියලද ?"

"ඔව්. "

"පිස්සුද? මම මේ හොදටම දාදිය දාලා. මාව ගදයිත් එක්ක."

ජන්ග්කුක් මගේ දිහා බලන් ඉදල ආයෙමත් එයාගේ එක්සයිස් එක පටන් ගත්තා.

"ඔයාට හැමදාම නිදහසට කරුණු තියනවා. අද මට දාදිය දාලා, අනිත් දවසේ මගේ කොන්ඩේ අවුල් , තව දවසක මගේ ඇදුම හරි නෑ.  ඊලග දවසේ මට මහන්සි...".

"හරි හරි ඇති ඇති. මම අද ඔයාට මාව අදින්න දෙන්නම්.ඔයා වෙනුවෙන්ම මම තව එක්සයිස් කරලා හොදට දාදිය දාන්නම්"

"ඔකේ බොස්. මම ඔයාගේ දාදියත් අදිනවා. බලන්නකෝ."

Five Feet Apart  |  Jin × Kook  |  Completed Dove le storie prendono vita. Scoprilo ora