51st Feet

174 78 5
                                    

Jungkook's POV

මට නින්ද යාගෙනම එනකොට නොටිෆිකේශන් බෙල් එකේ සද්දේ ඇහුන නිසා මම නැගිටුනා.

~ජිනී
අපි හැන්ගිමුත්තම් කරමු. ඔයා හොයන්න.

ජින් නිදිමතේ කියවනවද මන්දා කියලා හිතාගෙන මම ආයේ පාරක් ඒ මැසේජ් එක චෙක් කරලා වෙලාව බැලුවේ කීයද කියලා. රෑ 10.14යි. ඒත් ඒක්කම මගෙ දොරට තට්ටු කරන සද්දයක් ආවම මම කල්පනා කරේ ඇත්තටම ජින්ට මේ මහ රෑ පොඩි ළමයෙක් වගේ සෙල්ලම් කරන්න ඕනෙ වෙලාද කියලා.

මම දොර අරිනකොට එතන කවුරුත් හිටියේ නෑ. ඒත් ලොකු බැලූන් එකක් තිබ්බා . ඒක ගලවගෙන මම රූම් එකට ඇවිල්ලා බැලුවම ඒක ගැට ගහලා තිබුන තැන කටුවක් තිබුනා.

ඒකෙන් කියන්නේ මොකක්ද ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒකෙන් කියන්නේ මොකක්ද ?

මේක පුපුරවන්නද ඕනේ?

මම දෙතුන් පාරක් හිතලා හිතලා කට්ටෙන් බැලූන් එකට ගහලා බැලූන් එක පිපිරුවෙව්වා. මම ඒක කරත් එක පාරට සද්දයක් එයි කියලා බලාපොරොත්තු උනේ නැති හන්දද මන්දා මම ගැස්සුනා ඒ සද්දෙට.

බැලූන් එකෙන් වැටුන චිට් එක අහුලල මම ඒක කියෙව්වා 

" අපි මුලින්ම හම්බුන තැනින් පටන් ගන්න"

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now