57th Feet

172 75 2
                                    

Jin's POV

හොබී අපි හැමෝටම බැනලා අනිත් අයව ගෙදර එලෙව්වා. ඊට පස්සේ අපිට තවත් බැන බැන අපිව අපේ රූම් වලට එක්කන් ගියා.

"ඔයාලා ලෑස්ති වෙන්න දැන් ඔයාලගේ රූම්ස් වලට ගිහින් බැක්ටීරියා ටෙස්ට් එක කරගන්න.  ජන්ග්කුක්, ඔයාව මම හෙටම වෙන හොස්පිටල් එකකට මාරු කරනවා. හොදටම ඇති මේක."

ජන්ග්කුක්ව වෙන එකකට මාරු කරනවා කිව්ව ගමන් මම බය උනා මට එයාව නැතුව ඉන්න බැරි වෙයි කියලා. ඒ හන්දා මම එයාට පුලුවන් තරම් තේරුම් කරලා දෙන්න හැදුවා මේක ජන්ග්කුක් කරපු දෙයක් නෙවෙයි කියල

"හොබී එයාගේ වැරැද්දක් නෑ. එයා මොකුත් කරේ නෑ. මම මේ දේවල් කරේ.."

"ඔයාලා ඔයාලගේ ජීවිත එක්ක සෙල්ලම් කරා හොදටම ඇති ජින්. මට බෑ ඔයාලා වගේ වගකීමක් නැතුව වැඩ කරන්න. "

හොබි අපිව රූම් වලට අරන් යන ගමන් හොදටම අපිට බැන බැන ගියා. අන්තිමට අපි තුන් දෙනා අපේ රූම් වලට ගියත් අපි අද දවසේ සතුට වැඩි හන්දා හොබී එක්ක උන රණ්ඩුව  එච්චර ගනන් ගත්තෙ නැ.

රූම් එකට ඇවිල්ලත් මම ජන්ග්කුක් එක්ක වීඩියෝ කෝල් එකක් අරගෙන ගොඩක් වෙලා කතා කර කර ඉදලා වීඩියෝ කෝල් එකේදිම නින්ද ගියා.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now