58th Feet

169 75 2
                                    

Hoseok POV

මම කොච්චර නවත්තන්න හැදුවත් ජින්-කුක්  එයාලගේ ආදර කතාව නවත්තන පාටක් නෑ. මටත් එයාලගේ සතුට උදුරගන්න ඕනේ නෑ. ඒත් ඊට වඩා මට එයාලගේ ජීවිතය වටිනවා. මම එයාලට  කලින් උන දේ සිද්ද වෙන්න දෙන්නෙ නෑ.

මම මගේ ටේබ්ල් එකට ආව ගමන්ම කරේ ජන්කුක්ව වෙන හොස්පිටල් එකකට මාරු කරවන්න ඩොකියුමන්ට්ස් හදපු එක. ඒක කම්ප්ලීට් වෙනකොටම යොන්දෝ මට කොෆී එකක් ගෙනත් දුන්නා.

"ජනග්කුක් මට වෛර කරයි. ඒත් මම මේක කරන්නේ එයාගෙම හොදට."

"මාත් හිතනවා ඕක හොද වෙයි කියලා හොබී. "

මම කොෆී එක අතට ගන්නකොටම අපේ ටේබ්ල් එකේ තිබ්බ ඉමර්ජන්සි ඇලර්ට් එක රින්ග් උනා.  මම ඒක ආන්සර් කරන්න හදනකොටම යොන්දෝ ආන්සර් කරා.

"ටේහ්යුන්ග්. ඔයාට මොකද උනේ? .."

.....

"ටේ?"

කෝල් එක ඇවිල්ලා තිබ්බේ ටේහ්යුන්ග්ගේ රූම් එකෙන්. එයා සැරින් සැරේ ඕක වැරදිලා වද්ද ගන්න හන්දා මම වැඩිය හිතන්නේ නැතුව ජන්ග්කුක්ගේ වැඩේ ගැන බැලුවා. මම ඒක බලන අතරේ යොන්දෝ ග්ලවුස් දෙකත් දාගෙන ටේහ්යුන්ග්ගේ රූම් එකට ගියේ එයාව බලන්න.





ඒත් තත්පර ගානක් යන්න කලින්  යොන්දොගේ කටහඩ ඇහුනම මම කර කර හිටපු වැඩේ දාලා ටේටේගේ රූම් එකට දිව්වා.

"ඉමර්ජනසි"

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now