10th Feet

231 100 8
                                    

Jungkook's POV



මම උදේ නැගිටිනකොට ඔම්මා මගේ ලග ඉන්නවා දැකලා ටිකක් විතර පුදුම උනා. ටිකක් කිව්වට ගොඩක් පුදුම උනා. මොකද එයාට මාව බලනවට වඩා වෙන කරන්න දේවල් තියනවනේ. මට වඩා වටින බිස්නස් තියනවනේ

ඒත් මම වෙනසක් කරන්නේ නැතුව ඔම්මාට ආචාර කරලා බ්‍රශ් කරගෙන ආවා. ඔම්මා ආවා කියන්නේ එක්කෝ එයාට මොකක් හරි බිස්නස් මීටින් එකකට ආයේ මාස ගානකට කොහේ හරි යන්න ඇති  එහෙම නැත්තන් හොස්පිටල් එකෙන් මගේ ඩ්‍රග් ට්‍රයල්ස් ගැන මොනවා හරි කියලා ඇති.

මට වැඩි වෙලාවක් ඒක ගැන හිත හිත ඉන්න ඕනේ උනේ නෑ. ඩොක්ටර් නම්ජූන් එනකොට මට තේරුනා එයා තමයි එන්න කියලා ඇත්තේ කියලා.  ඔව් ඉතින්.ඔම්මට එයාගේ පුතාව මතක් වෙන්නේ ඒ වෙලාවට විතරයි කියලා මම හොදටම දන්නවනේ.

ඩොක්ටර් එනකොටම මම ඇදෙන් නැගිටලා ගිහින් ජනේලයෙන් පහල බලන් හිටියේ දැන් එයා ඔම්මාට ඔක්කොම කියන්න පටන් ගත්තම වෙන දේ මම දන්න හන්දා. ඔම්මා බැනගෙන බැනගෙන යයි මට. මම අහගෙන ඉදියි. හැමදාම වෙන්නේ ඒකනේ.

"මිසිස් ජියොන්. මම කතා කරේ වැදගත් දෙයක් ගැන ඩිස්කස් කරන්න...."

~මම හිතුවා හරි....

"ඔව් ඩොක්ටර් නම්ජූන්.මට පැයක් විතරයි ඉන්න පුලුවන්. අපි ඉක්මනට මේ ගැන කතා කරමුද ? "

මම පල් හිනාවක් ඩොක්ටර්ට දුන්නේ ඇතිද අහගත්තා කියලා අහන්න. මගේ ගැන වැදගත් දේවල් මගෙත් එක්ක කතා කරන්නේ නැතුව අනිත් අයත් එක්ක කතා කරන්න යනවට හොද වැඩේ.අන්තිමට පැයක් විතරයි ඔම්මාට එයාගේ අසනීප පුතාට වෙන් කරන්න පුලුවන්....



"පලවෙනි අදියරේ ක්ලිනිකල් ට්‍රයල්ස් අපි පටන් ගත්තේ මාස 18කට කලින්. තාමත් අපිට ඉවසගෙන බලන් ඉන්න වෙනවා ඉස්සරහට මොකද වෙන්නේ කියලා.ඒත් අපි කරන හැම දේටම වඩා ජන්ග්කුක්ගේ සහයෝගය අපිට ඕනේ වෙනවා මේකට. මේ වගේ වෙලාවක ක්‍රොස් ඉන්ෆෙක්ශන් එකක් හන්දා වෙන්න පුලුවන් බලපෑම වැඩියි. ඒ නිසා- "

"කහින්න එපා වෙන CF ලා ඉස්සරහා."

එයා ඉතුරු ටික කියන්න කලින් මම එයාගේ කතාව සම්පූර්ණ කරා. මම ඔය කතාව හැමදාම වගේ මේ මාස 18ම දැන් අහනවා. මට ඉතින් කට පාඩම්..

"තව... ඔයා එයාලා ලගින් පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න. ඒක එයාලගෙ සෞඛ්‍යටත් හොදයි ඔයාගේ සෞඛ්‍යටත් හොදයි."

"අඩි හයක් ඈතින් ඉන්නම් හැම වෙලේම. හරිනේ?"

මම ඩොක්ටර් දිහා බලලා කියනකොට එයා වාඩි වෙලා හිටපු පුටුවෙන් නැගිටින ගමන් ඔම්මා දිහා බලන් හිටපු එක මගේ දිහාට මාරු කරා. දැන් තමයි එයා නියම ගින්න තියන්න යන්නේ.

"ජන්ග්කුක්... මේ දේ හරියට වෙන්න ඕනේ නම් අපිට ඔයාගේ සම්පූර්ණ සහයෝගය ඕනේ වෙනවා. "

මම එයාට තම්ප් එක පෙන්නලා මම එයා කියන දේට එකගයි කියලා කිව්වට එයත් දන්නවා මම ඕක හරියට කරන්නේ නෑ කියලා. ඒක මාත් දන්නවා. ඒත් මම හිතපු තරම් ගිණි ගෙඩියක් දෙන්නේ නැතුව ඩොක්ටර් නම්ජූන් යන්න ගියා..

"මම එහෙනම් ඔයාව පස්සේ හම්බෙන්නම් මිසිස් ජියොන්...."

ගිනි ඇවිලෙන්න කලින්ම ඩොක්ටර් යන දිහා පුදුමෙන් බලන්  ඉදලා මම ආයෙමත් ඇදෙන් වාඩි වෙලා ඔම්මා දිහා බැලුවේ දැන්  එයාගේ ලෙක්චර් එකට ලෑස්ති වෙන්න ඕනේ කියලා දන්න හන්දා. ඒත් එයත් නැගිටලා යන්න ගියේ එයාට ඊලග බිස්නස් මීටින් එකට යන්න පරක්කු වෙනවා කියාගෙනමයි. ඒකේ එච්චර හිතන්න දෙයක් තිබ්බෙ නෑ.

ඔම්මා කියන විදිහට ඉතින් ලාභයක් නැති දේකට ආයෝජනයක් කරලා වැඩක් නෑනේ.....

ඔම්මා දොර වහගෙන යන දිහා බලලා මම ස්ක්‍රෙට්ච් පෑඩ් එක අරගෙන පැන්සලෙන් ස්ක්‍රෙට්ච් කරන්න ගත්තේ මම මගේම මීනී වල හාරන කාර්ටූන් එකක්.  

 


To be continued...

 

Fiction by Roshell 🍃

Five Feet Apart  |  Jin × Kook  |  Completed Unde poveștirile trăiesc. Descoperă acum