4th Feet

261 96 10
                                    

Jin's POV

මම ටික වෙලාවක් ඒ කපල් එක දිහා බලාගෙන ඉදලා ආයෙමත් මගේ ඇදට ආවේ මගෙ බෙහෙත් ගන්න වෙලාව හරි හන්දා. එකින් එක බෙහෙත් ඔක්කොම ... ඔක්කොම කියන්නෙ 8ක් බීලා ඉවර වෙලා මම ස්ටීම් කරන්න පටන් ගත්තේ ඊට පස්සේ හොද නින්දක් දානවා කියලා බලාගෙන. දැනටමත් රෑ වෙලා ඉවරයි..

ස්ටීම් කරන අතරෙ කැස්ස දෙතුන් පාරක් ආවත් මම දැන් කහින එකටත් දැන් හොදටම හුරු වෙලා. ටික වෙලාවකින් දොර ඇරගෙන හොබී මගේ ලගට ඇවිල්ලා ග්ලවුස් දෙකක් මගේ මෙඩ් කාර්ට් එක උඩට දාලා මට අලුත් බබෙක් ගැන කියලම ගියා.

"උඩ තට්ටුවේ ඉන්නවා අලුත් බබෙක් .. විනාඩි 15කින් එන්න."


මම ස්ටීම් කරන එක නතර කරන්නේ නැතුවම හිනා වෙලා දිගටම මගේ වැඩේ කරගෙන ගිහින් ස්ටීම් කරන්න ඔනේ වෙලාව ඉවර උන ගමන් මම අලුත් බබාව බලන්න යන්න ලෑස්ති උනා.

බබාලා.

මගේ ජීවිතේ මම ආසම තව දෙයක්. ඒත් මම ආස නෑ හැම බබෙක්ටම. මම ආස CF හැදිලා ඉන්න බබාලට විතරයි.

ඇදුමත් ඇදගෙන පෝටබල් ඔක්සිජන් ටෑන්ක් එකත් එල්ලගෙන මම මාස්ක් එකත් දාගෙන ග්ලවුස් දෙකත් දාගත්තා.  මගේ ෆ්ලෝ එකේ ඉන්න ඔක්කොම CF පේශන්ට්ස්ලා. අපි හැමොම එක ලෙඩකට ෆයිට් කරත් අපි හැමෝටම අපෙන් බේරෙන්නත් උනා.

CF පේශන්ට් කෙනෙක්ට තවත් CF පේශන්ට් කෙනෙක්ගෙන් බැක්ටීරීයා ආසාදනය වෙලා ඒක වැඩි වෙන්න පුලුවන්. වැඩි වෙනවා කියන්නේ ඊලගට වෙන්න තියන නරක දේ.....මැරෙන එක වෙන්නේ.ඉතින් මාස්ක් දාගෙන ග්ලවුස් දාගෙන අපි අපේ ආරක්ශාව හදාගන්නවා.  මම ලෑස්ති වෙලා එලියට යන ගමන් මම දන්න හැමෝම එක්ක කතා කරා.

"හෙලෝ සින්තියා.."

"හෙලෝ බේබි.."

ඔක්කොම එක්ක කතා කර කර ගිහින් මම 310 රූම් එක ලග නැවතුනා. 

~ටේ...

දොරත් ඇරගෙන ටේ ගුලි වෙලා නිදාගෙන හිටියා එයාගේ ඇදේ. මට එයා  දැක්කම දුවලා ගිහින් බදාගන්න හිතුනත් මට ඒ වගෙ වාසනාවක් නෑ. අපිට අපිව සනසවන්න ඕනේ නම් අපිට අඩි 6ක් ඈතට වෙලා- .... අඩි 6ක් ඈතට වෙලා මොනවා කරන්නද?

හග් කරන්න පුලුවන්ද?.
අතින් අල්ලගන්න පුලුවන්ද?
කිස් එකක් දෙන්න පුලුවන්ද?..

~ජින්. ඇති. ඇති. ඇති. ඔයා මීට වඩා හිතන්න යන්න ඕනේ නෑ..

මම මගේ හිතටම තරවටු කරගෙන ටේගේ රූම් එක ලගින් යන්න ගියේ 308 රූම් එකේ දොර දිහා බලා ගෙනමයි. ඒකේ දොර බාගෙට ඇරිලා තිබුනත් ඒක ඇතුලේ ඉන්න කෙනා මේ හොස්පිටල් එකට අලුත් එක්කෙනෙක් කියලා තේරුනා. ඒ මූණ මම කලින් දැකලා නැති ලස්සන- ඒ මූණ  මම කලින් දැකලා නැති මූණක්.

මම එතනින් ගියාට ඒ ඇතුලේ වෙන දේවල් වලට ඇහැ දාගෙන ගියේ. CF හැදුන කෙනා දොර ලග හිටගෙන ඉන්නකොට මම කලින් ජනේලයෙන් බලනකොට පාරේ කිස් කර කර හිටපු කපල් එක එයාගේ ඇද උඩ වාඩි වෙලා හිටියා. ඒක වාඩි වෙලා කියන්න බෑ. වාඩි වෙලා කියනවට වඩා හොදයි එයාලා....

~නෑ නෑ. ඒවා හිතන්න හොද නෑ. ඔයා හොද කෙනෙක් ජින්. ඒවා හිතන්න එපා.. හිතුවෙ නැති උනාට මට එයාලා කියන දේ ඇහුනා.

"මම නර්ස්ගේ ශෙඩ්යුල් එක බැලුවා. කවුරුත් මේ රූම් එකට එන්නේ නෑ තව පැයකට ඔයාල මොකුත් අවුලක් නොකර හිටියොත්... ඔය දෙන්නාට කරගන්න ඔනේ වැඩක් පැයක් ඇතුලත කරගන්න පුලුවන්...-  ඒයි ජිමින්....ඔය මගේ ඇද. මම ඕකේ නිදාගන්න ඕනේ. "

"අපි සත්තු නෙවෙයි."

"බය වෙන්න එපා.අපි එච්චර වෙලා ගන්නේ නෑ. "

වෙනස් කටහඩවල් 3ක් කතා කරනව ඇහුනත් මම ඒවා ගැන හිතන්නෙ නැතුව මගේ ගමන ගියේ මේ මිනිස්සුන්ගේ නරක ගති ගැන හිතන ගමන්.

~හොස්පිටල් බෙඩ් එකක්.
සෙක්ස් කරන්න දෙන්න.?

~ජින් ඔයා කිව්වේ ඔයා හිතනෙනෙ නෑ කියලා. ඒත් ඔයා හිතන්නෙම දැන් ඒ ගැන.

මම මගේ ඔලුවට තට්ටු කරගෙන ලිෆ්ට් එකට ආවේ මගේ බබාලව බලන්න යන්න..

To be continued...

 

Fiction by Roshell 🍃

Next chapter ; Jungkook's POV

Five Feet Apart  |  Jin × Kook  |  Completed Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ