42nd Feet

180 81 4
                                    

Jungkook's POV

මම එලියට යන්නෙ නැතුව දවස් ගානක් කාමරේ ඇතුලට හිර වෙලා හිටියා. මට බය හිතුනා මම එලියට ගියොත් මාව ජින්ට අහු වෙයි කියලා. මම මගේ ගැන විතරක් නෙවෙයි. එයා ගැනත් හිතායි මේ තීරණය ගත්තේ.

ඇෆ්ලෝ වෙස්ට් එකත් දාගෙන මම ජින්ගෙ පරන යූටියුබ් වීඩියෝස් ආයේ ආයේ බල බල හිටියා. මට ඒවා කොච්චර බැලුවත් එපා උනේ නෑ. 

ටික වෙලාවක් ගියාට පස්සේ දොරට තට්ටුවකුත් එක්කම දොර යටින් ලියුම් කවරයක් මගේ රූම් එක ඇතුලට ආවා.

ඇෆ්ලො වෙස්ට් එක ගලවලා ඇද උඩට දාලා මම ගිහින් ඒක අහුලගෙන බැලුවේ මට ඒ පාර ලියුම් ලියන්නේ කවුද කියලා බලන්න.

ජින්ගේ කැතම කැත කාර්ටූන් ඩ්‍රෝවින් එකක් ඒකේ තිබ්බා.

Six feet at all times ?

මට ඒකේ තිබ්බ දේ හරියට තේරුනේ නෑ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

මට ඒකේ තිබ්බ දේ හරියට තේරුනේ නෑ.ඒත් මට ඒක ගැන හිත හිත ඉන්න ඕනේ උනේ නැත්තේ මගේ ලැප් එකේ නොටිෆිකේශන් බෙල් එකේ සද්දේ ඇහුන හන්දා.

ජින්ගේ අලුත් වීඩියෝ එකක්....

ජින් හරිම කියුට් ඇදුමක් ඇදගෙන කලින් වගේ වීඩියෝ එකක් කරලා. මම ඒක ප්ලේ වෙන්න දාලා ඇදෙන් වාඩි උනේ නිදහසේ බලන්න ඕනේ හන්දා.

~~හෙලෝ වර්ල්ඩ්. අද මම ආවේ ඔයාලට මම මෙච්චර කල් කතා කරේ නැති අලුත් දෙයක් අරගෙන.බර්කල්ඩේරියා සිපේශියා. එහෙම නැත්තන් බී. සිපේශියා.... මේකෙදි තියන රිස්ක්, ලිමිටේශන් , ඒ වගේම අනුගමනය කරන්න ඕනේ නීතී රීති ගැන මම අද කතා කරන්න යන්නේ. බී සිපේශියා කියන්නේ පෙනිසිලීන් මත පෝශණය වන අනුවර්තක ශක්තිමත්  බැක්ටීරියාවක්...........~~~~

~~~....ඉතින් බී. සිපේශියා තියන කෙනෙක් එක්ක ආශ්‍රය කරනකොට අපිට අපේ සෞඛ්‍ය ගැන ගොඩක් හිතන්න වෙනවා.

අපිට ඒ වෙනුවෙන් කරන්න පුලුවන් පලවෙනි දේ තමයි  හෑන්ඩ් සැනිටය්සර්..... මේක රෝහල් මට්ටමෙ තියන විසබීජහරණය කරන ලික්විඩ් එකක්.  එතකොට ඊලගට අපිට පුලුවන් රබර් ග්ලවුස් පාවිච්චි කරන්න.ඉතින් ඒක මේ විදිහට අතට දාගෙන අපිට පුලුවන් අපේ ආරක්ශාව තහවුරු කරගන්න.....~~~

~~~....බී.සිපේශියා වලින් කෙල හා සෙම නිපදනවනවා.මේකේ තියන හිනා යන දේ තමයි කිවිසුමක් පැයට සැතපුම් 200ක වේගයෙන් යන්න පුලුවන් හැබයි අපිට බැක්ටිරියා  ආසාදනය වෙනවා අපි අඩි 6ක් දුරින් හිටියේ නැත්තන්. මොන බොරු වැඩක්ද ? නේද? ...~~

ජින් එයාගේ කට උල් කර කර කියවන දිහා මම හිනා වෙලා බලාගෙන හිටියා. එයා හරිම කියුට් ඒ විදිහට.හැම අතටම අත පය වීසි කර කර රග පපා එයා එයාගේ වීඩියෝ එක කරා.

~~~ඉතින් මේ ලෙඩේදි අපිට කිස් කරන්න බෑ. අපිට කවදාවත් අපිව කිස් කරන්න බෑ. අපිට බේරෙන්න පුලුවන් හොදම ක්‍රමය දුර පරතරය තියාගන්න එක. ඒ කියන්නේ අඩි 6ක පරතරය තියාගන්න එක.

~~~....ඉතින් මම ඔයාලට අලුතෙන් දෙයක් කියලා දෙන්න ආවේ. මේ තියෙන්නේ පූල් ක්‍යු එකක්. මේකේ සම්මත  දිග අඩි 5ක්.මේකෙන් තමයි මට මම කරන්න යන දේ ගැන අයිඩියා එකක් ආවේ මුලින්ම. මම අඩි 6 දුර ගැන ගොඩක් හිතලා බැලුවා. මට අඩි 6ක් දුර දෙයක් හොයාගන්න පුලුවන් උනේ නෑ. අන්තිමට මට ඒක හිතලා හිතල පිස්සු හැදෙන්න වගේ ආවා.....~~~~

~~~.....CF හැදුන කෙනෙක්ට එයාගේ ජීවිතේ ගොඩක් දේවල් නැති වෙනවා. එයාලගේ ජීවිතේ ගොඩක් වෙලාවට ගත වෙන්නේ ප්‍රතිකාර, ඩොක්ටර් අපොයින්මන්ට්ස් වගේ දේවල් එක්ක. අපි ගොඩක් අයට ළමයි හදන්න බෑ. ගොඩක් අය ඒක දැන ගන්නත් කලින් මැරෙනවා. ඒක මට වචනෙන් කියන්න බැරි තරම් සංකීර්ණ දෙයක්. මේක හන්දා අපි තව කෙනෙක්ට ආදරේ කරන්න කලින් ගොඩක් හිතනවා. සමහර වෙලාවට අපි ආදරේ කරන එක පටන් ගන්නෙවත් නෑ අපි ඉන්න තත්වය ගැන හිතලා.

ඉතින් CF මගෙන් දේවල් උදුර ගත්තා වගේම මමත් CF වලින් දෙයක් උදුර ගන්න හදන්නේ.CF නීති වල තියන එක අඩියක දුර... එකම එක අඩියට දුර මම උදුර ගන්නවා.

ඉතින් මම දැන් හොරෙක් වෙන්න යන්නෙ. අඩි හයක දුරෙන් මම එකම එක අඩියක් හොරකම් කරලා මම හොරෙක් වෙන්න යන්නේ... ඉතින් අද ඉදන් මම හොරෙක්...

පුහ්හ්හ්හ්හ්.~~~~

කැමරාවට පිඹලා ජින් එයාගේ වීඩියෝ එක ඉවර කරා. මගේ ඇස් වලින් හෝ ගාලා වැටෙන කදුලු පිහදගෙන ආයෙමත් මම ඒ වීඩියෝ එක ප්ලේ කරන්න යනකොට මගේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුන නිසා මම දොර අරින්න ගියා.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Donde viven las historias. Descúbrelo ahora