15th Feet

198 94 13
                                    

Jungkook's POV

මම ජින් එක්ක කතා කරලා ඉවර වෙලා මගේ රූම් එකට යන්න දොර අරින්න හදනකොට මට ඉස්සරහා රූම් එකෙන් සද්දයක් ඇහුනා. සද්දයක් ඇහිලා නැවතුනේ නෑ. ඒ රූම් එකේ ඉදන් ස්කේටින්ග් බෝර්ඩ් එකකුත් මගේ පැත්තට ආවා.

මම කකුලෙන් ස්කේටින්ග් බෝර්ඩ් එක නවත්තලා ඒ රූම් එක දිහා බලනකොට ඒකේ දොර හොදට ඇරිලා තිබ්බා. ඒ විතරක් නෙවෙයි ඒකේ හිටපු කොල්ලා බිම නිදන් හිටපු විදිහට මට තේරුනා එයා ස්කේටින්ග් බෝඩ් එකෙන් වැටිලා පිටිපස්ස බිම ඇනගෙන කියලා.

"ශිට්. ඔහ්. හායි.."

එයා මට හායි කියනකොට මම හිනා වෙලා හායි කියලා ස්කේටින් බෝර්ඩ් එක කකුලෙන් එයාගේ පැත්තට තල්ලු කරා.ඒයා ඊට පස්සේ පස්සත් අත ගගා නැගිටලා ඇවිල්ලා දොරට හේත්තු වෙලා මාත් එක්ක කතාවක් පටන් ගන්නකොට මම ඒ මූණ දිහා බලන් හිටියේ මම මාස 3ක් ඉදලත් ඇයි මෙයාව කලින් දැක්කේ නැත්තේ කියලා හිත හිත.

"ඔයාට මගේ ශෝ එක මග ඇරුනා. "

"ඔයා මෙතන ක්‍රියාදාම ශෝ එකක් කර කරද හිටියේ? "

"ඔව්.ඒ වගේ. මීට වඩා හොද තැනක් තියනවද කකුලක් අතක් එහෙම කඩාගන්න.?"

"ඒකත් ඇත්ත. මම ජන්ග්කුක්."

"මම ටේහ්යුන්ග්. ඒත් ඔයා මට ටේ කියලා කතා කරන්න."


එතනින් පටන් ගත්ත අපේ කතාව ගොඩක් දුර ගියා. අඩි හයක පරතරය තියාගෙන මම කොරිඩෝ එකේ බිම වාඩි වෙලා බිත්තියට ඔලුව තියාගන්නකොට එයා කොරිඩෝ එකේ අනිත් කෙලවර ස්කේටින්ග් බෝර්ඩ් එකෙන් එහාට මෙහාට යන ගමන් කතා කරා.

"බි.සිපේශියා? ඒක ගොඩක් අමාරුයිනේ?"

"ඔව්.  මට ලන්ග්ස් ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න බෑ. "

"ඔයා කවදා ඉදන්ද කන්ට්‍රැක්ට් එකේ හිටියේ?  "

" මාස 18කට කලින්. මම කන්ට්‍රැක්ට් එකේ හිටියා ලන්ග්ස් ගන්න. ඒත් ඊලග මිනිත්තුවේ එයාලා කිව්වා මට ට්‍රාන්ස්ල්ප්ලාන්ට් එකක් කරන්න බෑ කියලා.  ඒක නිකන්.... අනේ මන්දා......"

මම ගානක් නෑ කියලා පෙන්නන්න මගේ උරිස් හකුලනකොට ටේ මගේ දිහා බලන් ඉදලා මට කතා කරන්න ඕනේ කෙනාගේ නම අපේ කතා මාතෘකාව කරගත්තා.

"මම හිතන්නේ ඔයත් මාත් එක්ක ජින් කරන දේ කරොත් හොදයි."

"මොකක්ද ඒකෙන් වෙන්නේ? එයා මට ඒ ගැන කිව්වා. තව එයා කිව්වා එයාට කන්ට්‍රෝල් ඉශූස් තියනවා කියලා."

"ඔයාට ඕනෙ විදිහකට ඒක තේරුන් ගන්න. මාත් තාම ඒක හරියට තේරුම් අරන් නෑ. කොහොම හරි එයාට හරියටම වෙලාවට හැමදේම වෙන්න ඕනේ. එයා මාවත් හරියටම මොනිටර් කරනවා."

එතකොට මේ දෙන්නා කපල් එකක්ද. ? මගේ බලාපොරොත්තු ඔක්කොම නැති වෙනවා වගේ දෙයක් වෙනකොට මම ඒක එලියට නොපෙන්වා හෙමීට ටේගෙන් ඒ ගැන ඇහුවා.

" එතකොට ඔයාලා දෙන්නා.... කපල් එකද"?

"නෑ. නෑ. නෑ. මම අවුරුදු 7 ඉදන් ජින්ව අදුරන්නේ"

"එතකොට..... ඔයා කතා කරන විදිහට මට පේන්නේ ඔයා එයාට  ආදරෙයි වගේ."

"නැතුව. අනිවාර්යෙන්ම මම එයාට ආදරෙයි."

"ඉතින් ඇයි ඔයා ජින්ට ඒක කියන්නේ නැත්තේ?"

"මොකද එයා කෙල්ලෙක් නෙවෙයිනේ. මම ගේ නෙවෙයි...."

මම එයා දිහා ටික වෙලාවක් බලන් ඉදලා ආයෙමත් බිත්තියට ඔලුව තියන් හිනා උනේ මගේ හිතේ තිබ්බ ලොකුම බය නැති උන හන්දා....

ඒ කියන්නේ මට ජින්ට ලන් වෙන්න කිසිම බාධකයක් දැනට නෑ වගේ!!!



To be continued....

Fiction by Roshell 🍃

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now