6th Feet

236 102 13
                                    


Jin's POV

ජියොන් ජන්ග්කුක් ගියාට පස්සේ මම ආයෙමත් බබාලා දිහා බලාගත්තේ හොබී මටත් බනියිද කියලා ටිකක් බයෙන්.ඒත් මට තේරුනා එයා බනිනවා වෙනුවට මගේ දිහා බලන් ඉන්නවා කියලා. ඒ කියන්නේ එයාට එච්චරටම කේන්ති ගිහින් නෑ.

"එතකොට එයත් CF කෙනෙක්ද ?"

"ඔව්. එයාට බී.සිපේශියා."

මම පුදුම වෙලා හොබී දිහා බැලුවේ බී.සිපේශියා කියන්නේ ගොඩක් නරක ස්ටේජ් එකක් කියලා මම දන්න හන්දා. හොබී ගේ මූණේ ලොකු බැරෑරුම් පෙනුමක් තිබුන නිසා මට තේරුනා ඒක මම හිතුවටත් වඩා නරක කෙනෙක් කියලා.
.

"එයාට කිසිම ට්‍රීට්මන්ට් එකක් නෑ ජින්. ක්ලිනිකල් ට්‍රයල්ස් ටිකක් විතරයි කරන්නේ."

මම හොබීගේ මූණ බලාගෙන හිටියේ ඒ දේවල් මම බලාපොරොත්තු උනේ නැති හන්දා. එයා එච්චර සැහැල්ලුවෙන් ඉන්නේ එච්චර රිස්ක් එකක් තියාගෙනද? මගෙන් උත්තර තවත් නැති තැන හොබී ආයෙමත් කතා කරන්න පටන් ගත්තා.

" ඔයා දන්නවා ඔයා කන්ට්‍රැක්ට් එකක ඉන්නේ කියලා ජින්. ඔයාට පුලුවන් ලන්ග්ස් ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න.ළගදිම ඔයාට ලන්ග්ස් හම්බෙයි. ඒත් ඔයාට බැරි වෙලාවත් ඒ බැක්ටීරියා එක ඉන්ෆෙක්ට් උනොත්.. ඔයාට ආයේ ලන්ග්ස් ගැන තියන හීනය අත ඇරලා දාන්න වෙයි." 

එයා නොකියා කිව්වේ මට පුලුවන් තරම් ජියොන් ජන්ග්කුක්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා. නොකියා කියන්න දෙයක් නෑ. කොහොමත් මම ගොඩක් පරිස්සම් වෙනවා මන් ගැන. ඉතින් මම මගේ ජීවිතේ අවදානමක් ගන්න කැමති නෑ 

මම හොබී කියන දේ අහගෙන ළමයි දිහා බලාගෙන කල්පනා කරේ දවසක මේ ළමයිටත් මම වගේම දුක් විදින්න වෙනවා නේද කියලා... සමහර විට එයාලා මන් තරම් වත් ජීවත් වෙන්නේ වත් නැති වෙයි...






To be continued....

Fiction by Roshell 🍃

 

මම පලවෙනි ටික කියෙව්වා. මට දැන් තමයි තේරෙන්නේ කොහොමද හරියට මේක ලියන්නේ කියලා. පලවෙනි චැප්ටර්ස් ගැන මම එච්චර සැටිස් නෑ 

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now