Jin's POV
මම ජියොන් ජන්ග්කුක්ව උඩ හිර කරලා ආවට පස්සේ ආයෙමත් මගේ රූම් එකට ආවේ ඊලගට කරන්න තිබ්බ වැඩ ටික බලල කරන්න. මගේ ලිස්ට් එකේ තිබ්බේ ඇප් එක බිල්ඩ් කරන එකයි, බෙහෙත් ගන්න එකයි, භාවනා කර එකයි.
මම මුලින්ම ඇප් එක හදන එක කරන්න හැදුවත් මගේ හිත එක තැනක තිබ්බේ නෑ. ඒක 100ට ලෝම් වෙන අතරේ මගේ හිත එහෙ මෙහේ යන්න පටන් ගත්තම මට ඒකට අවධානය දීලා වැඩ කරන්න පුලුවන් උනේ නෑ. අදට ඒක කරන්න ඕනේ නෑ කියලා හිතලා ලිස්ට් එකෙන් ඒක කපලා දාලා මම බෙහෙත් බොන්න ආවේ ඒක කරලා භාවනා කරලා නිදාගන්නවා කියලා හිතාගෙන.
ඒත් මම බොන්න තියන බෙහෙත් දාපු බොක්ස් එක කලබලේට අරින්න යනකොට ඒකේ තිබ්බ බෙහෙත් පෙති ටික වටේටම වීසි වෙලා ගිහින් මගේ අත වැදිලා වතුර එකත් බිමට වැටුනා. ආයෙමත් එකින් එක එකින් එක බෙහෙත් පෙත්ත අහුලලා ඒ ටික බීලා මම ඇදෙන් වාඩි උනේ භාවනා කරන්න.
ඒත් භාවනා කරන්න හිත එක තැනකට ගන්න යනකොට මගේ හිත හැමවෙලේම ජන්ග්කුක් ගැනයි එයාගේ ට්‍රීට්මන්ට් ගැනයි හිතලා මට වද දුන්නා. කොච්චර ඒ හැගීම පාලනය කරන්න හැදුවත් මට ඒක කරගන් අ පුලුවන්කමක් තිබ්බේ නෑ.
අන්තිමට භාවනා කරන එකත් දමලා ගහලා මම ආයෙමත් ජනේලේ ලගට ඇවිත් රූෆ් ටොප් එක දිහා බැලුවේ ජන්ග්කුක් තාම රූෆ් ටොප් එකේද කියලා බලන්න. ඒත් එතන කවුරුත් හිටියේ නෑ. ඒ කියන්නේ එයා එයාගේ රූම් එකේ දැන් ඇත්තේ.
ග්ලවුස් දෙකත් දාගෙන , මාස්ක් එකත් දාගෙන කැනියුලා එකත් දාගෙන මම එයාගේ රූම් එක හොයාගෙන ගියේ එයත් එක්ක කතා කරලා මේක විසදගන්නවා කියලා හිතාගෙන දොරට දෙපාරක් තට්ටු කරලා මම අඩි 4ක් පස්සට ආවේ අඩි 6ක පරතරය තියන්න. ඉක්මනට දොර ඇරපු ජන්ග්කුක් මාව දැක්කම අඩි 2ක් පිටිපස්සට ගත්තා..
එයා දොර ලග ඉදන් බලන් ඉන්නකොට මම අඩි 6 පරතරය තියාගෙන එහෙන් මෙහෙන් එබි එබි බැලුවේ එයාගේ රූම් එක ඇතුලේ කොහොමද කියලා බලන්න..
"කෝ ඔයාගේ මෙඩ් කාර්ට් එක?"
"ඇයි ඔයාවේ ඇෆ්ලොවෙස්ට් එක බිම තියෙන්නේ? "
"මට ඔයාගේ බෙහෙත් විස්තරය බලන්න පුලුවන්ද ?"
"මොකටද ඒක? ඔයාගේ වැඩක් නෙවෙයි ඒවා. "
ජන්ග්කුක් එයාගේ රූම් එකට ගිහින් බිම වැටිලා තිබ්බ කොලයක් අරන් මට දීලා එයා අඩි 2ක් පස්සට ගියා. මම අතට ගත්ත කොලය දිහා බලනකොට පුදුම උනේ ඒක බෙහෙත් ගත්ත විදිහේ රෙකෝර්ඩ් එකක් වෙනුවට පාට පැන්සල් වලින් චිත්‍ර ඇදලා තියනවා දැකපු නිසා.
"මේ මොනවද? මේ මොකක්ද ඔයා මේ කරලා තියෙන්නේ? "
මම ඒ කොලය ගුලි කරලා බිමට දැම්මේ ඒකෙන් තවත් වැඩක් නැති හන්දා.
"ඒයි ජින්. මොකක්ද ඒ කරපු වැඩේ තේරුම ? මම දන්නවා ඔයාට ලෝකේ බේරගන්න මහ ලොකු මෙහෙයුමක් තියනවා කියලා. ඒත් මාව ඒ ලිස්ට් එකෙන් ඈත් කරලා තියනවද ? "
මම ජන්ග්කුක් දිහා ටික වෙලාවක් බලන් ඉදලා ආයෙමත් කතා කරන්න පටන් ගත්තා.
"මේ බෙහෙත් නිකන්ම නිකන් බෙහෙත් නෙවෙයි ජන්ග්කුක්.."
"ඔව් ඒවා නිකන් බෙහෙත් නෙවෙයි. ඒවා ඔක්කොම මගේ උගුර පල්ලෙහාට හැමදාම වැටෙන ඒවා. "
"ඔයා මාව පිස්සු වට්ටනවා. "
මම ජන්ග්කුක්ට කෑ ගහලා එතනින් අයින් වෙලා ලිෆ්ට් එක ආවේ එන්.අයි. සී. යූ එකට ගිහින් වත් ලමයෙක් දිහා බලන් ඉදලා මගේ හිත හදාගන්නවා කියලා හිතලා. ඒත් ලිෆ්ට් එක වැහෙන්න ඔන්න මෙන්ම තියනකොටම ජන්ග්කුක් ලිෆ්ට් එක නැවැත්තුවා. මම ආයෙමත් දොර වහන බට්න් එක ප්‍රෙස් කරේ එයාට අමතක උන ලොකු දෙයක් මතක් කරන ගමන්...
"අඩි 6ක් ඈතින් ඉන්න.."
To be continued..
Fiction by Roshell 🍃මම ඊයෙ නිදාගත්තෙම නෑ. අදට මේ ඇති. මම 8 වෙනකොට නිදාගන්න ලමයෙක්. ආයේ හෙට අප්ඩේට් දෙන්නම්. අනිත් ඒවා වගේ සැටිස් නෑ මම ලියන චැප්ටර්ස්. අනිත් බුක්ස් ලස්සනයි මගේ හිතට. මේක එච්චර ලස්සන නෑ. ඒත් මම මේකට ආසයි. කැත උනත් කියවන හැමෝටම ගොඩක් ස්තූතියි.
ප.ලි: තාම පැය 1.යි විනාඩි 56ක් තියන ෆිල්ම් එකෙන් විනාඩි 21 යි තත්පර 8යි ගිහින් තියෙන්නේ!!
YOU ARE READING
Five Feet Apart | Jin × Kook | Completed
Fanfictionඅපිට හුස්මගන්න වාතය ඕනේ තරමටම අපිට අපි ආදරේ කරන අයගෙන් ඒ 'ස්පර්ෂය' ඕනේ වෙනවා... ~ඒත් මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඒ මිනිස් 'ස්පර්ෂයේ' වැදගත්කම..... ~එයාගේ 'ස්පර්ශයේ' වැදගත්කම.... ~මට ඒක ආයෙ ඒක කවදාවත් නොලැබෙන තැනට පත් වෙනකන්.... Inspired by 'Five F...