දොරට තට්ටු කරනවා ඇහුනම මම දොර අරින්න ගියත් දොර යටින් ආව ලියුම් කවරයක් මාව නැවැත්තුවා.
Inside you will fine my heart and soul
- please be gentleමම එක කියවලා හිනා වෙලා එලියට ඇහෙන්න හයියෙන් හහා කියලා ලියුම් කවරේ ඇරලා බැලුවා. ශුවර් එකටම මාව ඇදපු රූපය්ඣ් ජන්ග්කුක් එවන්න ඇත්තේ.
මම එහෙම හිතුවට ඒකේ තිබ්බේ මගේ කාර්ටූන් එකක්. මම හොස්පිටල් එකේ ඉදන් ගිරි යටින් කෑ ගහන කාර්ටූන් එකක්.
මම ඇදෙන් වාඩි වෙලා අනිත් අතට ජන්කුක්ට කෝල් එකක් ගත්තේ ඇයි එයා මාව කාර්ටූන් එකක් විදිහට ඇන්දේ කියලා අහන්න. මේ කාර්ටූන් එකටද මම පැය ගානක් එක විදිහට වාඩි වෙලා හිටියේ?
කෝල් එක කනෙක්ට් උන ගමන්ම මම එයාත් එක්ක කතා කරා..
"ඇයි කාර්ටූන් එකක්?"
~ඒක ශෝයි නේද? කාර්ටූන් වලට පුලුවන් හොදට දැනෙන්න මිනිස්සුන්ට එක එක දේවල් කියන්න. මම හරි ආසයි කාර්ටූන් වලට. ඒත් ඔය ඔයාගේ පිටිපස්සේ තියන එක කාර්ටූන් වලට වඩා හොදයි වගේ. මොකක්ද ඒ.? .
මම පිටිපස්ස බැලුවම එතන තිබ්බේ සූබින් ඇදපු ලන්ග්ස් ඉලස්ට්‍රේශන් එක.
~ඒ ලන්ග්ස් දෙකක් නේද? ඒක ඔයාද ඇන්දේ?"නෑ. මගේ මල්ලි සූබින්. "
~ඔයා ලග තව ඒ වගේ ඒවා නැද්ද? මට බලන්න ආසයි...
මගේ හිත අමුතු දුකකින් වෙලිල යනකොට මට ජන්ග්කුක් ගැන මොකක්දෝ ලොකු කේන්තියක් ආවා.
"අපි අපේ පර්සනල් දේවල් ශෙයා කරගන්න ඕනේ නෑ . අපි දෙන්න නිකන්... එකට ට්‍රීට්මන්ට් ගන්න දෙන්නෙක් විතරයි."
මම ජන්ග්කුක් මොනවා හරි කියන්න කලින් ඉක්මනට කෝල් එක කට් කරලා ඇදට වැටුනේ අද දවස ඇතුලේ ආයෙමත් පාරක්... ආයෙමත් පාරක් සූබින්ගේ මතක මගේ හිත රිද්දපු නිසා.
YOU ARE READING
Five Feet Apart | Jin × Kook | Completed
Fanfictionඅපිට හුස්මගන්න වාතය ඕනේ තරමටම අපිට අපි ආදරේ කරන අයගෙන් ඒ 'ස්පර්ෂය' ඕනේ වෙනවා... ~ඒත් මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඒ මිනිස් 'ස්පර්ෂයේ' වැදගත්කම..... ~එයාගේ 'ස්පර්ශයේ' වැදගත්කම.... ~මට ඒක ආයෙ ඒක කවදාවත් නොලැබෙන තැනට පත් වෙනකන්.... Inspired by 'Five F...