Jin's POV
මම ටේටේ එක්ක අයිස්ක්‍රීම් කාලා එන ගමන් හොබීට ඩොක්ටර්ව එවන්න කියලා කියාගෙන මගෙ රූම් එකට ගියත් ඒ වෙද්දිත් ඩොක්ටර් නම්ජූන් මගේ රූම් එකට ඇවිල්ලා හිටියේ.මම මගේ නසල් කැනියුලා එක රූම් එකේ තියන ඔක්සිජන් ටෑන්ක් එකට සෙට් කරලා ඩොක්ටර් ලගට ගිහින් හිටගෙන මගේ ටීශර්ට් එක උස්සලා එයාට මගේ බඩ පෙන්නුවා.
එයා එයාගෙ ඇගිලි වලින් ජී.ටියුබ් එක ලග අල්ලලා බලනකොට මට ඉදිකටු තුඩවල් ඇනෙනවා වගේ දැනුනත් දත් මිටි කාගෙන මම ඒක ඉවසගෙන හිටියා.
"මේ ඉන්ෆෙක්ශන් එක ලේ වලට මික්ස් උනොත් එතනින් ලේ විසවීමක් වෙන්න පුලුවන්. "
ඩොක්ටර් ඒක කිව්ව ගමන් මගෙ ඇස් වලට කදුලු පිරුනා. මට මැරෙන්න බෑ. ඩොක්ටර් මගේ ඇස් දිහා බලාගෙන කතා කරා.
"හේයි. බය වෙන්න එපා. හැමදේම හොදින් සිද්ධ වෙයි. "
"ඔයාට ඒක ගැන එච්චර විශ්වාසෙකින් කියන්න බෑ ඩොක්ටර්. "
"ඔව්..ඒක ඇත්ත. මේක ගොඩක් අවදානම් තත්වයක්. ඒ උනාට ඔයා ෆයිටර් කෙනෙක් කිම් සොක්ජින්. ඔයා ෆයිටර් කෙනෙක්. ඔයාට පුලුවන් මේකත් කරන්න.."
"හ්ම්ම්."
"එහෙනම් හෙට අපි මේක අයින් කරමු."
මම මොකුත් උත්තරයක් දෙන්නේ නැතුව එයා දිහා බලන් හිටියේ මගේ හිතේ තිබ්බ බය මාව උත්තරයක් දෙන එකෙන් වැළක්කුව හන්දා..
"හරිද?"
"හරි. "
"එහෙනම් හෙට උදේ අපි ඔපරේශන් එක කරමු. මම ඔයාගෙ දෙමව්පියන්ට මේ ගැන දැනුවත් කරන්නම්."
"ම්ම්ම්."
ඩොක්ටර් ගිය ගමන්ම මම ඇදට වැටිලා මගේ ආර්.ජේව බදාගත්තේ මගේ හිත ගොඩක් බය වෙලා හිටපු හන්දා. ඉස්සර මම බය උනාම සූබින් මගේ ලග ඉන්නවා මාව සනසවන්න..
ඒත් දැන්...
එයා මගේ ලග නෑ.
දැන් මම පුරුදු වෙලා ඉන්නේ බය උනාම ආර්.ජේ ව හයියෙන් බදාගන්න.
![](https://img.wattpad.com/cover/289011530-288-k139711.jpg)
YOU ARE READING
Five Feet Apart | Jin × Kook | Completed
Fanfictionඅපිට හුස්මගන්න වාතය ඕනේ තරමටම අපිට අපි ආදරේ කරන අයගෙන් ඒ 'ස්පර්ෂය' ඕනේ වෙනවා... ~ඒත් මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඒ මිනිස් 'ස්පර්ෂයේ' වැදගත්කම..... ~එයාගේ 'ස්පර්ශයේ' වැදගත්කම.... ~මට ඒක ආයෙ ඒක කවදාවත් නොලැබෙන තැනට පත් වෙනකන්.... Inspired by 'Five F...