Jungkook's POV
අපි කෑ ගගහා හිනා වෙවි කෑම ගත්තා. ටේටේ මට ලස්සන බර්ත්ඩේ කේක් එකක් එක්ක කෑම ගොඩක් හදලා තිබ්බා. හරිම ලස්සන ඩිනර් නයිට් එකක් ....
අන්තිමට අපි හැමෝම කාලා ඉවර උනාම ටේටේ මට කේක් එක එව්වා. කැන්ඩ්ල්ස් ඔක්කොම පත්තු කරලා මට ඒක නිවන්න හැදුවත් මට මතක් උනා මම ඒකට පිම්ඹොත් ටේටේටයි ජිනීටයි ඒක කන්න වෙන්නේ නෑ කියලා.
"මම මේකට පිම්බොත් කන්න වෙන්නෙ නෑ ඔයාලට. ."
"එහෙනම් මම පිබින්නම්...."
ජිනීගේ යාලුවා කෙන් එක පාරටම කේක් එකේ කැන්ඩ්ල්ස් ඔක්කොම පිබලා නිවලා දැම්මා. හයියෙන් හිනා වෙවී ඉදලා අපි හැමොම සතුටු උනත් මට ඕනේ උනේ ජිනී ලගින් වාඩි වෙලා එයාගේ ලගටම වෙලා ඉන්න. ඒත් එයා, මම , ටේටේ කෑම මේසේ තුන් තැනක හිටියේ....
හිනා වෙවී ඉන්නකොට මට දරාගන්න බැරි කැස්සක් සැරින් සැරේ ආවා. ඒත් මම වෙනසක් පෙන්නන්නේ නැතුව හිටියේ මට එයාලගෙ සතුට උදුර ගන්න ඕනේ උනේ නැති හන්දා.
අද මමත් සතුටින්....
එයාලත් සතුටින්....
"අපිට එතකොට අවුරුදු 10යි. මායි ටේටේයි බෙඩ්ශීට් එකක් ඔලුවේ පොරවගෙන මානසික ලෙඩ්ඩු ඉන්න වාට්ටුව දිගේ දුවගෙන ගියා. ..."
ජින් එයාලගේ පරණ කතා කිය කිය හිනා වෙනකොට මම පුලුවන් තරම් මගේ කැස්ස හිර කරගෙන හිටියා.
![](https://img.wattpad.com/cover/289011530-288-k139711.jpg)
YOU ARE READING
Five Feet Apart | Jin × Kook | Completed
Fanfictionඅපිට හුස්මගන්න වාතය ඕනේ තරමටම අපිට අපි ආදරේ කරන අයගෙන් ඒ 'ස්පර්ෂය' ඕනේ වෙනවා... ~ඒත් මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඒ මිනිස් 'ස්පර්ෂයේ' වැදගත්කම..... ~එයාගේ 'ස්පර්ශයේ' වැදගත්කම.... ~මට ඒක ආයෙ ඒක කවදාවත් නොලැබෙන තැනට පත් වෙනකන්.... Inspired by 'Five F...