Jungkook's POV
ජින් එක පාරටම අඩාගෙන එයාගේ රූම් එකට යනකොට මාත් එයාගේ පස්සෙන් රූම් එක ඇතුලට ගියා. ටේටේ මැරුණ එක මටත් ගොඩක් ලොකු දුකක් දුන්නට ජින්ට ඒක ඊට වඩා දරාගන්න අමාරු වෙන්න ඇති කියලා මට හිතුනා.
එයා රූම් එක මැදට ගිහින් කෑ ගගහා අඩන්න පටන් ගත්තේ ඒක එයාට හුස්ම ගන්න අමාරු කරවයි කියලාවත් හිතන්නේ නැතුව.
"නෑ. ඒක වෙන්න බෑ. ටේටේට යන්න බෑ.."
"දැන් එයාට කවදාවත් එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඉන්න වෙන්නේ නෑ. "
"නෑ. නෑ .නෑ. "
"එයාගේ ඔම්මා අප්පට එයාව කවදාවත් දකින්න හම්බෙන්නෙ නෑ."
"මට ආයේ කවදාවත් එයාව දකින්න හම්බෙන්නෙ නෑ. "
"අනේ දෙවියනේ එයා ගියා. එයා අපිව දාලා යන්න ගියා."
"මම එයාව හග් කරේ වත් නෑ. මගේ හොදම යාලුවා වෙලත් මට ටේටේව එක පාරක් වත් හග් කරන්න හම්බුනේ නෑ."
"මට හැමෝම නැති වෙලා යනවා. "
ජින් එක පාරටම තවත් හයියෙන් අඩන්න පටන් ගත්ත නිසා මට බය හිතුනා. මම එයාගේ ශෝල්ඩර් එකට අත තිබ්බේ එයාව සනසවන්න හිතාගෙන.
"මාව ඔයාට නැති වෙන්නේ නෑ ජින්."
ඒත් එයා මගේ අතට ගහලා එක පාරටම මට කෑ ගහපු විදිහට මාව පස්සෙන් පස්සට ගියේ මොනවද කරන්නේ කියලවත් හිතාගන්න බැරුව.
"මොනවද කරන්නේ ඔයා. ඔයාට පිස්සුද ? යනවා යන්න මෙතනින්. යනවා එලියට."
ජින්ට තනියම ඉන්න දීලා මම මගේ රූම් එකට ආවේ මගේ හිත හදාගෙන.
~~මම මෙහෙන් යන්න ඕනේ. ඒක අපි හැමෝටම හොදයි.
මම මගේ බෑග් ඔක්කොම පැක් කරලා ඔම්මට කෝල් එකක් අරන් කිව්වා මාව ගන්න එන්න කියලා.
~ ඒත් ජන්ග්කුක් ඔයාගේ ට්‍රීට්මන්ට්ස්?
"ඔම්මා ඔයා මාව එක්කන් යන්න එනවද, මම තනියම යන්නද?"
~ මම එන්නම් ඔයා ඔතනට වෙලා ඉන්න.
ඔම්මා එන්නම් කිව්වම මම මගේ බෑග්ස් අරගෙන එලියට ඇවිත් පහල ලෝන්ජ් එකේ වාඩි වෙලා හිටියා. පාන්දර 1යි වෙලාව. ඒත් පාරෙ එහෙ මෙහෙ මිනිස්සු ගියා. එලියේ හිම් වැටෙනවා බලාගෙන මම ඔම්මා එනකන් වාඩි වෙලා හිටියා
.
( මේකේ ක්‍රොස් ඉන්ෆෙක්ශන් එකක් උනාම පැය 24ක් යන්නත් කලින් මැරෙනවා මම හිතන්නෙ. ඒක ගැන මොකුත් අයිඩියා එකක් ගන්න විදිහක් තිබ්බේ නෑ. ඒත් එයාලා පෙන්නන විදිහට කෙටි කාලයක් ඇතුලත් මැරෙනවා)
STAI LEGGENDO
Five Feet Apart | Jin × Kook | Completed
Fanfictionඅපිට හුස්මගන්න වාතය ඕනේ තරමටම අපිට අපි ආදරේ කරන අයගෙන් ඒ 'ස්පර්ෂය' ඕනේ වෙනවා... ~ඒත් මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඒ මිනිස් 'ස්පර්ෂයේ' වැදගත්කම..... ~එයාගේ 'ස්පර්ශයේ' වැදගත්කම.... ~මට ඒක ආයෙ ඒක කවදාවත් නොලැබෙන තැනට පත් වෙනකන්.... Inspired by 'Five F...