19th Feet

194 92 3
                                    

Jungkook's POV

ජින් කිව්වා වගේම මට එයත් එක්ක එකට ට්‍රීට්මන්ට් කරන්න උනා..කොච්චර මග අරින්න හැදුවත්, කොච්චර හොර කරන්න හැදුවත් එයා එක්ක ඒ එකක් වත් ලේසි උනේ නෑ මට.උදේට මාව කෝල් කරවලා නැගිට්ටවනවා. ෆෝන් එක සයිලන්ට් කරලා නිදගත්තම දොරට ගහලා නැගිට්ටුවනවා.  ඒත් මම ඒ හෑමදේකටම ගොඩක් ආස උනා.

මම බෙහෙත් බොන්න බෑ කියනකොට එයා ඒක පුඩින් එකකට දාලා කලවම් කරලා පුඩින් එක්ක බෙහෙත් ගන්න විදිහ කියලා දුන්නා. හැමදාම මම පුඩින් එකක් එක්ක බෙහෙත් ඔක්කොම ගානට ගත්තා. මට එකක් වත් මග අරින්න බැරි උනේ එයා වීඩියෝ කෝල් එකකින් මගේ දිහා බලන් හිටපු නිසා.

ඊලගට ස්ටීම්  කරන එක... අපි දෙන්නා උඩම තට්ටුවට ගිහින් එයා එක බිල්ඩින්ග් එකකයි මම තව බිල්ඩින් එකකයි ඉදගෙන ස්ටීම් කරනවා. අඩි 6ක් නෙවෙයි අඩි 100ක් විතර ඈතින් ඉදගෙන අපි දෙන්නා සෝෆා දෙකට වැටිලා අපි දෙන්න දිහා බලාගෙන ස්ටීම් කරා. හැමදා.අ හවසට අපි ඒ සෝෆා එක අල්ලගන්න හන්දා කවුරුත් එතන ඒ වෙලාවට වාඩි උනෙත් නෑ.

මම ආසම එක එයා ඇෆ්ලො වෙස්ට් එක දාගෙන ඉන්න එක. ඒක හරිම කියුට්.  එයා ඇදේ නිදාගෙන ඔලුව විතරක් බිමට වැටෙන්න ඇදේ එල්ලිලා ඇෆ්ලො වෙස්ට් එක වයිබ්‍රේට් වෙන අතරේ කියවනවා. වයිබ්‍රේට් වෙනකොට එයාගේ කටහඩත් වෙනස් වෙනකොට ඒ කටහඩ කොච්චර කැත උනත් මම අහගෙන ඉන්න ආස කරා.

හැමදාම මේ විදිහට අපේ ට්‍රීට්මන්ට් රවුන්ඩ්ස් ටික සිද්ධ උනා.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now