61th Feet

174 73 2
                                    

Jin's POV



ජන්ග්කුක්ව එලියට එලවලා මම දොර වහගත්තේ එයා ගැන ලොකු කේන්තියකින්. එයා  කොහොමද මේ වගේ හැසිරේන්නේ. 

ටේටේගේ මතක එක දිගට ඔලුවට එනකොට මම රූම් එකේ තිබ්බ හැමදේම පොලොවේ ගැහුවේ මට මාවම පාලනය කරගන්න බැරි වෙනකොට.

බිත්තිය පුරා තිබ්බ චිත්‍ර ටික මම ගලවලා වීසි කරා.

මේසේ උඩ තිබ්බ පොත් ටික ඔක්කොම බිමට දැම්මා. ඒත් එක්කම බිමට වැටෙන්න ඕනේ නැති දේකුත් බිමට වැටිලා බිදිලා ගිහින් තිබ්බා.

ටේටේ මට දුන්න ට්‍රෆල්ස් බෝතලය.

බිම තිබ්බ ට්‍රෆල්ස් එකින් එක එකින් එක මම අහුලුවා. ඔක්කොම අහුලගෙන ඒක පරිස්සමට අරන් තියලා මම මගේ කාමරේ දිහා බැලුවේ මෙච්චර දේවල් කරේ මමමද කියල හිතාගන්න බැරුව.  මම තරම් පිලිවෙලට වැඩ කරන කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති. එහෙම එකේ මගේ රූම් එක මේ වගේ වෙන්න බෑ 

ටේටේගේ මතකයෙන් මගේ මනස මගේ රූම් එකට එනකොට මම හිස් හැගීමකින් කල්පනා කර කර හිටියේ අපේ ජීවිත ගැන.අපිටවත් අයිති නැති අපේ ජීවිත ගැන.  අඩියෙන් අඩිය තියලා ජනේලය ලගට ගිහින් මම ඈතින් පේන ලයිට්ස් දිහා බලන් හිටියා.

සූබින්ගෙයි මගෙයි තරු.....

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now