Jin's POV
අපි දෙන්නා පූල් ක්‍යු එක අල්ලගෙන හොස්පිටල් එක වටේම ඇවිද්දා. අපි දෙන්නා එහෙම යනකොට මම දැක්කා අච්චම්මා කෙනෙකුයි සීයා තාත්තා කෙනෙකුයි අත් අල්ලගෙන යනවා. එයාලා තරම් වාසනාවක් අපි දෙන්නට නැති උනත් අන්තිමට අපි අපිටම ක්‍රමයක් හොයාගත්තා.
කොරිඩෝ එකේ ඇවිදින ගමන් ජන්ග්කුක් මට එයාගේ පවුලේ විස්තර කිව්වා.
"මම ඉපදෙනකොටම එයා අපිව දාලා ගිහින්. ලෙඩ උන ලමයෙක් ඉන්න එක එයා කවදාවත් ප්ලෑන් කරපු දෙයක් නෙවෙයි වෙන්න ඇතිනේ. "
"එතකොට ඔයාගේ ඔම්මා?"
"එයා ගොඩක් ශක්තිමත් , ඒ වගේම තනියම නැගිටපු කෙනෙක්. මට මුල් කාලේ ගොඩක් අවදානය දුන්නත් පස්සේ පස්සේ අපි ගොඩක් ඈත් උනා. ඒ මොනවා උනත් හෙට මට 18 උනාට පස්සේ මට පුලුවන් තනියම මට ඕනේ දේවල් තීරණය කරන්න. "
ජන්ග්කුක් කිව්ව දේත් එක්ක මම අපේ ගමන බාල කරලා අන්තිමට කොරිඩෝ එක මැද හිටගත්තා.
"පොඩ්ඩක් ඉන්න.... පොඩ්ඩක් ඉන්න. හෙට එතකොට ඔයාගේ උපන් දිනයද? "
"ඔව්."
"ඔයාට මට ඒක කලින් කියන්න තිබ්බා කුකී. මට ඔයාට දෙන්න තෑග්ගක් වත් මගේ ලග නෑ. "
"ඊලග උපන්දිනය වෙනකන් මගේ ලග ඉන්නවා කියලා පොරොන්දු උනොත් නරකද ?"
මම ඒකට උත්තරයක් දෙන්නේ නැතුව බලන් ඉන්නකොට එයා අපෙ පූල් ක්‍යු එකත් ඇදගෙන කොහෙටද මන්දා ගියා
YOU ARE READING
Five Feet Apart | Jin × Kook | Completed
Fanfictionඅපිට හුස්මගන්න වාතය ඕනේ තරමටම අපිට අපි ආදරේ කරන අයගෙන් ඒ 'ස්පර්ෂය' ඕනේ වෙනවා... ~ඒත් මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඒ මිනිස් 'ස්පර්ෂයේ' වැදගත්කම..... ~එයාගේ 'ස්පර්ශයේ' වැදගත්කම.... ~මට ඒක ආයෙ ඒක කවදාවත් නොලැබෙන තැනට පත් වෙනකන්.... Inspired by 'Five F...