55th Feet

175 73 5
                                    

Jin's POV

අපි හිනා වෙවී අපේ  පරන කතා කිය කිය හිටියා.

"ඒක අපි දෙන්නා තනියම හිතලා කරපු දෙයක් නෙවෙයි. සූබින් තමයි කිව්වෙ එහෙම කරන්න කියලා. සු-සූබින්..."

එක පාරටම සූබින්ගේ නම කතාවට ඇදිලා ආවම මගේ මූණේ තිබ්බ හිනාව මගේ ලගින් නැති උනා. සූබින්...

"සූබින් හිටියා නම් එයත් මේ වගේ පාර්ටි එකකට කැමති වෙන්න තිබ්බා.."

"ඔව්"


මම ටේටේ දිහා බලාගෙන ඉන්නකොට එයා සූබින් ගැන කතා කරා ගොඩක්. වෙන වෙලාවක නම් මම ඒකට පොඩ්ඩක්වත් කැමති නැති උනාට අද මම ඒකට කැමති උනා. සමහර වෙලාවට සූබින් ගැන කතා කරාම මට ඒ දුකින් ටිකක් ඈත් වෙන්න පුලුවන්..මම ජන්ග්කුක්ගෙන් ඒක තේරුම් ගත්තේ..එදා එයා එක්ක සූබින්ට උන දේ කතා කරාට පස්සේ මගේ ඔලුවට ලොකු නිදහසක් දැනුනා.

"සූබින්ට ඕනේ උනේ හොදට ජීවත් වෙන්න. ජීවිතේ විදින්න. මොකද එයා දැනගෙන හිටියා ජිනීට ඒක කරන්න බෑ කියලා. "

"එයා ඒක කරා ටේටේ. සූබින් එයාගේ ජීවිතේ හොදට වින්දා."

"ඔව්.  එයා ඇත්තටම ජීවිතේ වින්දා."

ඊට පස්සේ මුලු කෑම මේසයම සද්දයක් නැති උනා. සූබින්ව මතක් වෙනකොට මගේ ඇස් වලින් කදුලු එක දිගට වැටෙන්න පටන් ගත්තා

"සූබින් වෙනුවෙන් අපි ටෝස්ට් කරමු."

ජන්ග්කුක් කිව්ව දේට එකග වෙලා හැමොම තමන්ගේ ශැම්පේන් ග්ලාස් උඩට කරලා සූබින් ව මතක් කරා..

ආයෙමත් අපි පරන විදිහට හිනා වෙවි අද දවස තව තවත් ලස්සන කර ගත්තා. අන්තිමට පොලරොයිඩ් ෆොටෝ එකකුත් අරගෙන කෑ ගහලා හිනා වෙනකොට එක පාරටම කැෆටේරියා එකේ දොර ඇරුනේ අපි හැමෝවම එක තැන ගල් කරවලා

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now