Jin's POV
මම ෆ්‍රයිස් බෑග් එක අරගෙන පුටුවෙන් වාඩි වෙනකොට කෙන් ඇදෙන් වාඩි උනා. සෙන්ඩුල් මගේ දිහා බලන් ඉදලා එක පාරටම මගේ ඇස් එයාගේ ඇස් හම්බුන ගමන් එයා අහක බලාගත්තා.
එයත් දුකින් මන් ගැන....
මාත් දුකින් මන් ගැන....
මගේ ඇස් මග ඇරලා සෙන්ඩුල් ගිහින් කෙන් ලගින් වාඩි උනා. මාත් කෑම කන ගමන් කෙන් එක්ක කතාව ඇදලා ගත්තේ මම හන්දා අනිත් අය දුක් වෙන එකට මම පොඩ්ඩක්වත් ආස නැති නිසා.
"ඉතින් ලෑස්තිද යන්න?"
"මට ඔයාගේ සමර් කිට් එක ඕනේ."
"කෝකද ? "
"අර සී බ්ලූ එක. "
"බෑග් එකේ ඇති. "
ඊලගට අපේ කතාව ගියේ ඇදුම් වලට. සමර් ට්‍රිප් එක.... මම කොච්චර කල් ප්ලෑන් කරාද මේක යන්න. ඒත් වැඩක් උනේ නෑ. මගේ ජීවිතේට ප්ලෑන්ස් කියන දේවල් හරියන්නේ නෑ
"මේක හොදයි නේද මට. ?"
කෙන් මගේ බෑග් එක ඇද ඇද ඇදුම් බලන්කොට සෙන්ඩුල් පැත්තකට වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටියා.
"ඒයි සෙන්ඩුල්.... ඔයා මේ ලෝකෙද ඉන්නේ? "
සෙන්ඩුල් ඒකට උත්තරයක් දෙන්නේ නැතුව ෆෝන් එක ඔබ ඔබ ඉන්නකොට මට තේරුනා එයාගේ අමුතු හිනාව ඇතුලේ තිබ්බ තේරුම. එයා හිනා වේගෙනම මගේ ලගට ඇවිල්ලා වාඩි උනා.
" ඔකේ. දන්නවද වැඩක්? හන්සුයි, සෝහා යි අපිව එයාපෝට් එකේදි හම්බෙන්නම් කිව්වා. "
"අහ්හ්හ් හා. මොකක්ද ඒ කතාවේ තේරුම? "
මම කෙන් දිහයි සෙන්ඩුල් දිහයි බල බල අහනකොට ඒ දෙන්නා මූනට මූන බලාගෙන හොර හිනාවක් දැම්මා. මේ දෙන්නා ඒ පාර මොන කෙල්ලෙක්ව දාගෙනද කියලා මම දන්නේ නෑ..ඒත් මේ ඩබලට කවදාවත් කෙල්ලෙක් එක්ක ඉන්න බෑ.
" හන්සුයි ජැක්සනුයි බ්‍රේක් වෙලා."
"නෑ?"
"ඒ කියන්නේ මට චාන්ස් එකක් තියනවා. "
කෙන් කෑ ගහලා කියනකොට මම කෙන්ට කකා හිටපු ෆ්‍රයි එකකින් ගැහුවේ කෑ ගහන එක නවත්තන්න. නර්ස් හෝසොක් ආවොත් එහෙම මාවත් හොස්පිටල් එකෙන් එලියට දානවා මේ යන විදිහට. කෙන් මගේ දිහා බලලා ආයෙමත් සෙන්ඩුල් දිහා බලලා එයාගෙ කපටි හිනාව දිගටම දාගෙන හිටියා.
![](https://img.wattpad.com/cover/289011530-288-k139711.jpg)
YOU ARE READING
Five Feet Apart | Jin × Kook | Completed
Fanfictionඅපිට හුස්මගන්න වාතය ඕනේ තරමටම අපිට අපි ආදරේ කරන අයගෙන් ඒ 'ස්පර්ෂය' ඕනේ වෙනවා... ~ඒත් මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඒ මිනිස් 'ස්පර්ෂයේ' වැදගත්කම..... ~එයාගේ 'ස්පර්ශයේ' වැදගත්කම.... ~මට ඒක ආයෙ ඒක කවදාවත් නොලැබෙන තැනට පත් වෙනකන්.... Inspired by 'Five F...