16th Feet

204 93 4
                                    

Jungkook's PoV

පහු වෙනිදම මම මගේ මෙඩ් කාර්ට් එක  ඩොක්ටර් නම්ජුන්ට කියලා මගේ රූම් එකට ගෙන්නගත්තා. ඒක ගැන මම කිව්ව ගමන්ම ඊලග පැයේ ජින් පී.පී.ඊ කිට් එකක් ඇදගෙන මාස්ක් දාගෙන ග්ලවුස් දාගෙන මගේ රූම් එකට ආවේ එයාට මෙඩ් කාර්ට් එක ඕගනයිස් කරන්න ඕනේ කියලා.

ජින් ඇතුලේ ඒ වැඩ ටික කරනකොට මම ටේටේ එක්ක එලියට වෙලා මුර කරේ කවුරු හරි කොයි වෙලාවේ හරි එයි කියලා බයෙන්. CF කෙනෙක් තවත් CF කෙනෙක්ගේ රූම් එකේ ඉදලා අහු උනොත් එහෙම .... මට හිතාගන්න බෑ කොච්චර දවස් බැනුම් අහන්න වෙයිද කියලා. පැයක් ගියාට පස්සෙත් ජින් එලියට ආවේ නැති හන්දා මම ටිකක් ටිකක් බයෙන් වගේ හිටියේ.

ඒත් මගේ බය නැති කරන්න එයා දොර ඇරලා ඔලුව එලියට දාලා කතා කරා.

"මම ඉවර වෙන්න ලගයි. තව ටික වෙලාවක් ශේප් කරගන්න. "

මමයි ටේ යි හා කියලා කිව්වට මගේ හිත හැම වෙලේම කිව්වේ කොයි වෙලාවේ හරි හෝසෝක් ඇවිල්ලා අපිව අහු කරගනියි කියලා. ඒත් අපි ඒකට ප්ලෑන් එකක් ගැහුවා. බැරි වෙලාවත් ජින් ඇතුලේ ඉන්නකොට කවුරු හරි ආවොත් ටේ හුස්ම ගන්න අමාරු විදිහට රග පාන්නම් කිව්වා. එතකොට නර්ස්ලා  , ඩොක්ටර්ස්ලා ඔක්කොම එයා ලගට එන අතරතුරේදි ජින්ට මගේ රූම් ඒක්න් හෙමිහිට මාරු වෙන්න පුලුවන්....

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now