11th feet

222 95 11
                                    

Jungkook's POV



මම කලින් සමර් කියලා කිව්වට ඇත්තටම කතාව පුරාවට තියෙන්නේ වින්ටර් සීසන් එක. කෙන්-සෙන් ඩබල ගියේ වින්ටර් ඉවෙන්ට් එකකට කියලා හිතන්න. මට ඇදුමක් ගැන හිතාගන්න බැරි උන හන්දා සමර් කිට් එකක් ගැන බොරුවට ලිව්වේ.


ඔම්මා අද ඇවිල්ලා ගිය එක ගැන මගේ හිතේ දුකක් නොවන දුකක් තිබ්බා.අද දවසම මහ එපා කරපු දවසක් වෙනකොට මම කලුවර වැටීගෙන එනකොට මම යන්න ආසම තැනට යන්න ඇදුම් ඇදගත්තා.

හොදට සීතට දැනෙනවා අඩු වෙන්න ඇදුම් පුරවගත්ත මම පෝටබ්ල් ඔක්සිජන් බෑග් එක දාගෙන  හොස්පිටල් එකේ උඩම තට්ටුවට ආවේ මම ආසම තැන එතන හන්දා.

දොරට සල්ලි කොලයක් තියලා වහලා මම රූෆ් ටොප් එකේ බැම්ම උඩින් වාඩි වෙලා නසල් කැනියුලා එක ගලවලා දැම්මේ මට සම්පූර්ණයෙන්ම සාමාන්‍ය මනුස්සයෙක් වගේ එක විනාඩි 10ක් ඉන්න ඕනේ උන හන්දා.

කිසි ලෙඩක් නැති, කිසි දුකක් නැති සාමාන්‍ය මනුස්සයෙක් වගේ ඉන්න එකම එක විනාඩි 10ක්... බැම්ම උඩින් වාඩි වෙලා මම ඈත් බලාගෙන හිටියා. හරි ලස්සනට මුලු නගරෙම මෙතනට පේනවා. ලයිට් එලියට මේ විව් එක හොදටම ලස්සනයි.

විනාඩි 10ක් ඉන්න හිටපු මම නසල් කැනියුලා එක නැතිව ඉන්න පලවෙනි විනාඩියෙදි පලවෙනි පාරට කැස්සා. දෙවනි තුන් වෙනි විනාඩිය යනකොට මගේ කැස්ස එන්න එන්න වැඩි වෙනකොට මම අතේ පිට පැත්තෙන් කහින්න පටන් ගත්තේ මගේ මුලු  පෙනහලු දෙකම ඉරෙනවා වගේ රිදෙනකොට...

කැහැ කැහැ මම තට්ටු ගාණක් බිම තියන හිම දිහා බලන් ඉදලා බිල්ඩින් එකේ අනිත් පැත්ත දිහා බලනකොට මම දැක්කා එකම එක කාමරයක ලයිට් දාලා තියනවා.  එල් ශේප් බිල්ඩින්ග් එකක් හන්දා මට ඒ කාමරය හොදට පෙනුනා.

ජනේලය ලග කවුරු හරි එලිය බලාගෙන මොකක් හරි කෝල් එකක හරි වීඩියෝ එකක් බලන ගමන් හරි හිටියේ. ඒත් ඒක කෝල් එකක් කියලා තේරුනා එයා කැරැකි කැරකි හිටපු විදිහෙන්... මොකද එයා ඉයර් ෆෝන්ස් මයික් එක අල්ලගෙන හිටපු විදිහෙන් මට ඒක තෙරුනා. එතන හිටපු කෙනා උඩ බලනකොට මම දැක්කේ ඒ කවුද කියලා.

බලන් හිටපු කෙනා දැක්කම මම පොඩි සතුටක් ආවත් එයා ජනෙල් කර්ට්න් එක වහලා ගිය විදිහට මගේ සතුට දෙගොඩ තලා ගිහින් කලින් මගේ හිතේ තිබ්බ දුක මගේ හිත ආයෙමත් වෙලාගත්තා.



To be continued...



Fiction by Roshell 🍃

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now