67th Feet

165 75 2
                                    

Jungkook's POV

ජින්ට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා මම එක විනාඩියකට බය උනත් එයා නෑ කියලා ආයේ සෙල්ලම් කරන්න පටන් ගත්ත නිසා බය නැති උනා.

එයා සෙල්ලම් කරන දිහා බලාගෙන මම ගොඩක් වෙලා හිටියා. අන්තිමට මම එයාට කවදාවත් කිව්වේ නැති දේ කිව්වා.

"ජින්. අයි ලව් යූ."

මගේ මූණ දිහා ටික වෙලාවක් බලන් හිටපු ජින් ලිස්සගෙන මගේ පැත්තට ආවා. අපි දෙන්නම බිමට වැටුනේ ජින් මගේ ඇග උඩ ඉන්න විදිහට.ඒත් අපි දෙන්නා ඉක්මනට නැගිටලා ඈත් උනා.

"අයි ලව් යු ටූ කුකි."

අපි දෙන්නා මූණට මූණ බලන් ඉන්නකොට ජින් ඉස්සරහට ආවේ මාව කිස් කරන්න. අපේ මූණවල් හොදටම ලන් උනාට පස්සෙ මටත් එයාව කිස් කරන්න ලොකු ආසාවක් ආවත් මට ඒක කරන්න පුලුවන් කමක් නෑ. මට අපි දෙන්නගෙම ජීවිත අනතුරේ දාන්න බෑ.

මම එක පාරටම ඔලුව පිටිපස්සට අරන් එයා දිහා බැලුවා.

"අපිට බෑ ජිනී"

"මම දන්නවා."

අපි දෙන්නා ආයෙමත් ඈත් වෙලා අපි දෙන්නා දිහා බලන් හිටියේ අපි දෙන්නට අපි දෙන්නා ගැනම අනුකම්පා හිතුන නිසා වෙන්න ඇති.

අපි දෙන්නා ආයෙමත් ඈත් වෙලා අපි දෙන්නා දිහා බලන් හිටියේ අපි දෙන්නට අපි දෙන්නා ගැනම අනුකම්පා හිතුන නිසා වෙන්න ඇති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් වැඩි වෙලාවක් අපිට එහෙම ඉන්න හම්බුනේ නෑ. එක පාරටම අයිස් තට්ටුව බිදෙන්න පටන් ගත්තා.

"එන්න එන්න. "

"පරිස්සමින් එන්න. "

"හෙමිහිට.."

මම ජින්ව අරගෙන පොන්ඩ් එකෙන් එලියට ආවා සම්පූර්නයෙන්ම ඒක බිදෙන්න කලින්

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now