35th Feet

189 87 3
                                    

Jungkook's POV

මම ඇතුලට එනකොට කවුරුත් එලියේ ලොබී එකේ වාඩි වෙලා හිටියේ නැති උනාට මම එලියට එනකොට ජිනීගේ පේරන්ට්ස්ලා එක්ක හෝසෝක් වාඩි වෙලා කතා කර කර හිටියා.

මම අහු නොවෙන්න ශේප් එකේ මූණ පැත්තකට කරගෙන ගියත් එයා මගේ නම කියලා හොස්පිටල් එක දෙදරන්න කෑ ගහපු විදිහට මට තේරුනා එයාට මාව අහු උනා කියලා.

"ජන්ග්කුක්. ඔහොම නවතිනවා. "

මම ඇහුනේ නෑ වගේ ශේප් එකේ එන්න හැදුවත් හෝසෝක් එක්ක මට බේරෙන්න පුලුවන් උනේ නෑ.

"ජන්ග්කුක්."

අන්තිමට මම නැවතිලා හෝසෝක් එක්ක කතා කරා. එයා මාත් එක්ක කතා කරනවා වෙනුවට මාවත් ඇදගෙන ලිෆ්ට් එකට ගිහින් මගේ ෆ්ලෝ එකට මාව අරන් ආවා. එයා බනින්න කලින් මම එයාට නිදහසට කරුණු කියන්න පටන් ගත්තේ ලොකුකම් කියෙව්වට මාත් එයාට බය හිතුන හන්දා කියලා මගේ හිත කිව්වේ.

"එයා බය වෙලා හිටියේ. මට හිතුනා එයාගේ හිත හැදෙන්න මොකක් හරි කරන්න. "

"මරුනේ.."

"මොනවද මරු. "

හෝසෝක් මම කියන දේ අහන්නේ නැතුව මාවත් පහු කරලා යන විදිහට මට බය හිතුනා එයා මාව වෙන හොස්පිටල් එකකට ට්‍රාන්සර් කරයිද කියලාත්. 

"එයා මාත් එක්ක ඉන්නවට වඩා භායානකයි එයාව ඇනසතේශියා දීලා තියාගන්න එක."

මම කිව්ව දේට හෝසොක් ඉස්සරහට යන එක නතර කරලා මගේ ඉස්සරහට ආපස්සට ඇවිදගෙන ආවා. එයා මගේ ඔලුවේ ඉදන් කකුල් වලට දෙතුන් පාරක් බලලා කට කොනින් හිනා වෙලා කතා කරන්න පටන් ගත්තා.

"කිම් වූ බින්......ඔයාව දැක්කම මට එයාව මතක් වෙන්නේ ජන්ග්කුක්. එයත් ඔයා වගේමයි.  කිම් වූ බිනුයි , සොන්හා ශින් සූයි...  ඒ දෙන්නා හරිම ආදරෙන් හිටියේ මේ හොස්පිටල් එකේ. ඒ දෙන්නට සතුටින් ඉන්න දෙන්න ඕනේ හන්දා මම CF නීතී අමතක කරලා එයාලට ඕනේ විදිහට ඉන්න දුන්නා. "

"මම ඉතුරු ටික කියන්නම්  එයාලා මැරිලා ගියා. හරිනේ? "

"ඔව් ජන්ග්කුක් එයාලා මැරුනා තමයි. මම බලාගෙන ඉන්නකොට එයාලා මගේ ඉස්සරහදිම මැරුනා. මම ඒ කරපු මෝඩකම ආයෙමත් කරොත් මට හෙණ ගහයි. ඒ දේ මම ඔයාලට වෙන්න දෙන්නේ නෑ..."

හෝසොක්  මට හොදටම බැනලා යන්න යනකොට මම එයා දිහා බලන් හිටියේ මගේ හිතේ තිබ්බ ඔක්කොම දේවල් අනිත් පැත්තට හැරෙනකොට. 

ඔව්.

මගේ හිතේ තිබ්බ හැමදේම එයා කිව්ව දේවල් හන්දා වෙනස් උනා.  

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now