45th Feet

176 82 4
                                    

Jungkook's POv

ජින් ගියපු ගමන් මම බෑග් එකෙන් මගේ තිබ්බ හොදම ඇදුම අරගෙන ඇදගත්තා. මිරර් එක ඉස්සරහට ගිහින් එක එක විදිහට කොන්ඩෙත් හදලා බලල අන්තිමට පර්ෆියුම් බෝතලයම නෑවේ අද මගේ පලවෙනි ඩේට් එක හන්දා.

නසල් කැනියුලා එක ගලවලා මම මිරර් එකෙන් පේන මගේ ප්‍රතිභිම්බය දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා ආයෙමත් නසල් කැනියුලා එක දාගත්තේ මගේ මූණ ඒක නැතුව පාලුයි වගේ දැනුන හන්දා. මම ලෑස්ති වෙලා හරියටම 9.00 වෙද්දි පහලට ගියා .

මම යනකොට ජින් එයාගෙ පූල් ක්‍යු එකත් බදාගෙන පහලට ඒ වෙනකොටත් ඇවිල්ලා හිටියේ. මගේ අඩි සද්දේ ඇහෙනකොටම එයා මගේ පැත්ත හැරුනා. මම එක තැන නතර උනේ එයාගේ එච්චර ලස්සනක් මම මෙච්චට කාලෙකට දැකලා නැති හන්දා.

එයා මේ ලෝකෙ  මනුස්සයෙක්ද ? නැත්තන් දිව්‍ය ලෝකෙන්  ආව කෙනෙක්ද කියලා මට විශ්වාස කරන්න බැරි තරමටම අද එයා ගොඩක් ලස්සනයි.

මම අඩියෙන් අඩිය එයාගේ ඉස්සරහට ගිහින් අඩි 6ක් දුර තියලා නැවතුනා.  එයා එයාගේ අතේ තිබ්බ පූල් ක්‍යු එකේ එක කොණක් මගේ දිහාට දිගු කරාම මට ඒ කොණ අල්ලන්න අඩියක් ඉස්සරහට යන්න උනා.

එයා කිව්වා හරි. එයා එක අඩියක් හොරකම් කරලා....

අත් වලින් අල්ලන්න වාසනාව නැති උන අපි පූල් ක්‍යු එකක් අල්ලගෙන ඇවිදගෙන ගියා.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now