53th Feet

170 82 3
                                    

Jin's POV

මම කුකි එනකන් ගොඩක් වෙලා බලන් හිටියා කැෆටේරියා එකට වෙලා. පැයෙන් පැය වෙලාව බල බල හිටියට එයා එන පාටක් තිබුනේ නෑ.

මට හොයන්න යන්න වෙයිද?

මම ඒක හිතනකොටම ජන්ග්කුක් හෙමින් හෙමින් ඇවිදගෙන ආවා මගේ දිහාට. එයාගේ මුණෙ තිබ්බ හිනාවෙන් මම තේරුම් ගත්තා එයා ගොඩක් සතුටින් ඉන්නේ කියලා.

"මම හිතුවා ඔයාට කවදාවත් මාව හොයාගන්න බැරි වෙයි කියලා.මම දන්නවා බර්ත්ඩේ එක ඉවර වෙලා මෙච්චර පරක්කු වෙලා ගිෆ්ට් දෙන්න හොද නෑ කියලා. ඒත් අපිට කැෆටේරියා එක වහනකන් ඉන්න උනා. "


"අපිට? "

"හ්ම්ම් -හ්ම්ම්"

මම කැෆටේරියා එකේ දොර අරින්න කලින් ජන්ග්කුක් දිහා බැලුවේ එයා දොර ඇරියට පස්සේ කොච්චර සප්‍රයිස් වෙයිද කියලා බලන්නත් එක්ක.මම හිතනවා ඇතුලේ ඉන්න අය වැඩේ අවුල් කරගන්නේ නැති වෙයි කියලා.

"ට-ඩා...සප්‍රයිස්....."

මම දොර ඇරපු ගමන්ම කෙන්, සෙන්ඩුල්, ජිමින්, යුන්ගී කෑ ගැහුවා සප්‍රයිස් කියලා. ජන්ග්කුක් කට ඇරගෙන බලාගෙන හිටපු විදිහට මට තේරුනා එයා අද නම් හොදටම සප්‍රයිස් උනා කියලා.

"ඔයාව මග ඇරිය එක ගැන අපි හෙන අවුලෙන් හිටියේ. "


යුන්ගි ගිහින් ජන්ග්කුක්ව බදාගන්නකොට ජිමිනුත් ගිහින් ඒ මැද්දට පැන්නා. 

"ඒත් ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් අපිට කතා කරලා මේක ගැන කිව්වා. ඒකයි අපි එහෙම කරේ. "

ජිමින් ජන්ග්කුක්ට මාව බෝයි ෆ්‍රෙන්ඩ් කියලා කිව්වම මම දැක්කා ජන්ග්කුක්ටත් වඩා කෙන්-සෙන් දෙන්නා සප්‍රයිස් වෙනවා.  මට කුකී ගැන එයාලට කියන්න වෙලාවක් තිබ්බේ නෑ. පස්සේ වෙලාවක කියන්න ඕනේ.

ජන්ග්කුක් හැමෝවම හග් කරන අතරේ මට ඈතට වෙලා බලන් ඉන්න උනේ අපිට ලන් වෙන්න අයිතියක් නැති හන්දා. එයාට අනිත් අයට කතා කරන්න දීලා මම කිචන් එකට ආවේ ටේටේ මොනවා කරනවද කියා බලන්න.


මම යනකොට ටේටේ එයා හදපු ඩිශ් ඩෙකරේට් කර කර හිටියා. එයා ඇත්තටම දක්ශයි ඒකට. එයාට චෙෆ් කෙනෙක් වෙන්න වෙන කිසිම කොලිෆිකේශන් එකක් ඕනේ වෙන්නේ නෑ.... එයාගේ මේ දක්ශතාවය හොදටම ඇති....


"ඔය රෝසමල්ද ඔයා කෑම වලින් හදන්නේ? ඒවා හරිම ලස්සනයි ටෙටේ.  ඔයා කොහොමද ඔච්චර දේවල් කරන්නේ?"

"මම පුරුදු උනා මේවා කරන්න. මම ලබන මාසේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඔම්මා බලන්න යන්න ඉන්නේ. "

ටේටේ ගොඩක් බයෙන් හිටියේ එයාගේ ගල්ෆ්‍රෙන්ඩ් ගේ ගෙදරින් එයාට කැමති නැති වෙයි කියලා. ඒ හන්දම එයා කලින් යන්න තිබ්බ චාන්ස් ඔක්කොම මග ඇරියා. ඒත් දැන්.. දැන් එයා ඇත්තටම යන්න හදන්නේ.... එයා ඒකට හිත හදාගෙන. ටේටේ ගැන හිතලා ටේටේ තරම් සතුටු වෙන කෙනෙන් තවත් ඉන්නවා නම්... ඒ මම විතරයි.

"වාව් ටේටේ. මට ඔයා ගැන ගොඩක් සතුටුයි. හැමදේම හොදින් වෙයි. "

"මාත් එහෙම හිතනවා ජිනී. මට තේරෙනවා එයා ඇත්තටම මට ආදරෙයි කියලා..අපි ගිහින් කමු දැන්."

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now