9th Feet

226 100 19
                                    

Jin's POV

මම කෑ ගහනගෙන යනකොට  මම දැක්ක නර්ස්ලා ඉන්න තැන ඉමර්ජන්සි ඇලර්ට් එක වදිනවා.  යොන්දෝ කෑ ගහගෙන එයා වාඩි වෙලා හිටපු තැනින් දුවගෙන යනකොට අනිත් නර්ස්ලත්  එයාගේ පස්සෙන් දුවගෙන ගියා..

"රූම් නම්බර් ත්‍රී ටෙන් ඒකෙ හුස්ම හිර වෙලා. "

මම බයෙන් බයෙන් වගේ දුවන්නේ නැතුව හයියෙන් එතන යනකොට මම හිතපු තරම් දෙයක් වෙලා තිබ්බෙ නෑ.  ටේටේට වතුර එක හිරවෙලා ඊට පස්සේ එයාගේ අතින් ඉමර්ජන්සි බට්න් එක දන්නෙම නැතුව ප්‍රෙස් වෙලා.

අනේ මේ මෝඩයා හන්දා මම බය උන තරමක්...

"ප්ලීස් ටේටේ. ඔයා මීට වඩා පරිස්සම් වෙන්න."


යොන්දො ඒක කියලා දොර ලගින් යනකොට මම දොර ලගට වෙලා බලන් හිටියේ මටත් ඇතුලට ගිහින් ඇත්තටම ටේටේගෙ හුස්ම හිරකරන පුලුවන් උනා නම් කියලා හිතන ගමන්..ඒ තරමට මම එයා ගැන බය උනා.....ඒත් ඉතින් අඩි 6ක් ඈතින් ඉදන් මට එච්චර දෙයක් කරන්න බෑනේ.

"අනිත් වෙලාවේ හොදට හපලා වතුරත් බොනවා ටේටේ. එතකොට වතුරත් හිර වෙන්නේ නෑ... "

ටේටේ මට හාර්ට් එකක් පෙන්නන්නද කොහෙද බොරුවට එයාගේ සාක්කුවට අත දාලා අත එලියට ගත්තා. මම හිතුවේ එයා ඇගිලි වලින් මට හාර්ට් එකක් හදලා පෙන්නයි කියලා. ඒත් ඒ වෙනුවට එයා කරේ මට එයාගේ......
මැද ඇගිල්ල පෙන්නපු එක......

"පිටසක්වලයා..."

මම අනිත් පැත්ත හැරිලා එනකොට මට ඇහුනා ටේටේ කෑ ගහනවා හොස්පිටල් එකම දෙදරන්න....

"අයි ලව් යූ ජිනී....."

මගේ නම දන්න හැමෝම මගේ දිහා බලලා හිනාවෙනකොට මම හිනාව තද කරගෙනම මගේ රූම් එකට ආවේ මගේ ගන්න බැරි උන බ්‍රෙක්ෆස්ට් එක ගන්න හිතාගෙන....




To be continued....

 
Fiction by Roshell 🍃

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now