40th Feet

184 83 4
                                    

Jin's POV

දවස් 2කට පස්සේ මට ඇදෙන් බහින්න පුලුවන් තරමට සනීප උනා. ජන්ග්කුක්ගෙන් කෝල් එකක් එනකන් බලන් හිටියට එයාගෙන් මට කෝල් එකක් ආවෙ නෑ. අන්තිමට මමම එයාව හොයාගෙන යනවා කියලා හිතලා මම ලෑස්ති උනේ මගේ ආදරේ එයාට මම අදම කන්ෆෙස් කරනවා කියලා හිතාගෙන.

බාත් රූම් එකට ගිහින් එක එක අතට කොණ්ඩේ හද හද මම ලස්සබ විදිහක් හෙව්වට අද මගේ එක හෙයා ස්ටයිල් එකකින් වත් මාව සැටිස් උනේ නෑ. මගෙ හැන්ඩ්ස්ම් මූණ ජන්ග්කුක් ඉස්සරහා පරාද වෙනවා වගේ හැගීමක් එද්දි මම කොන්ඩේ හදලා ලිප් බාම් එකත් ගාගෙන බාත් රූම් මිරර් එක ඉස්සරහදිම මම ජන්ග්කුක්ට මැසේජ් එකක් දැම්මා.

~~තව විනාඩි දහයකින් මාව පහලදි හම්බෙන්න...~~

මම පහල ලෝන්ජ් එකට ගිහින් එයා එනකන් බලන් හිටියා. විනාඩි 10 ටික වෙලාවක් ගිහින් විනාඩි 20 උනා. විනාඩි 20 ටික වෙලාවකින් විනාඩි 30 උනා. මගේ හිත මට නරක අදහස් ගොඩක් දුන්නත් මම ඒවට මාව  පරාද කරන්න දෙන්නෙ නැතුව ජන්ග්කුක් එනකම් බලාගෙනම හිටියා.

ඒත් ජන්ග්කුක් වෙනුවට ආවේ ටේටේ.

"ජන්ග්කුක් එන්නේ නෑ ජිනී. "

මම ටේටේ ට උත්තර දෙන්නේ නැතුව ජන්ග්කුක්ගේ රූම් එකට ගිහින් ඒ දොරට ගැහුවේ ඇයි එයා මාව මග අරින්නේ කියලා මට දැනගන්න ඕනේ උන හන්දා.  මම එයාට සමාවත් දුන්නා. එහෙම වෙලත් ඇයි එයා මාව මග අරින්නේ කියන එක මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ.

"ජන්ග්කුක්. ඔයා මේ දොර අරිනකන් මම මෙතනින් හෙලවෙන්නේ නෑ."

" මම දන්නවා ඔයා ඇතුලේ ඉන්නවා කියලා. "

"ජන්ග්කුක්. "

"මේ දොර අරින්න. "

"~~මට බෑ.."

"අනේ මේ දොර අරින්න. "

"ප්ලිස්. "

"මට වැඩක් නෑ හොබී මොනවා කිව්වත්..."

" මේ දොර අරින්න.."

"එතකොට අපිට කතා කරගන්න පුලුවන් මේක ගැන."

" ජන්ග්කුක් ප්ලීස්. "


"~~මට බෑ. "

"ජන්ග්කුක් ප්ලීස්. "

මම එයාගෙ දොරට ඔලුව තියාගෙන එහා පැත්තෙන් දොර අරිනකන් බලන් හිටියා.

"යනවා යන්න ජින්. මට පාඩුවේ ඉන්න දීලා යනවා යන්න. "

මම දොරට ඔලුව තියාගෙන මගේ කදුලු වලට වැටෙන්න ඉඩ දෙනකොට මට ඇහුනා ටේටේගේ කට හඩ මගේ පිටිපස්සෙන් ඇහෙනවා. එයා ඇවිත් මගේ ඈතින් බිත්තියට හේත්තු වෙලා මාත් එක්ක කතා කරා.

"සමහර විට මේ දේවල් මෙහෙම වෙන එක අපි කාටත් හොද ඇති ජින්."

"මට මේක විසදගන්න දෙන්න ටේටේ."

"අපි සාමාන්‍ය ළමයි නෙවෙයි ජිනී. මේ දේවල් අපිට කරන්න බෑ. තේරුම් ගන්න."

"ඕක නවත්තගන්නවා ටේහ්යුන්ග්. ඔයත් මට බණ කියන්න එන්න  එපා. "

"මේක තේරුම් ගන්න බලන්න ජින්. ජන්ග්කුක් කියන්නෙ ලොකු රිස්ක් එකක් තියාගන්න කෙනෙක්. එයා-.."

"ඔයා දැන් කියන්නේ  මට රිස්ක් එකක් නෑ කියලද? මම රිස්ක් එකක් ගනන් බයයි කියලද? "

"ජින් මම කියන දේ-"

"ඔයා මටත් වඩා බය ගුල්ලෙක් ටේහ්යුන්ග්. ඔයා ඔයාගේ හැම එෆයා එකෙන්ම පැනලා ගියා. ඔයා ඔයාගෙ ලෙඩට තියන බය නිසා ඒ බයට හැම එෆයා එකෙන්ම පැනලා ගියා.  ඔයයි බයගුල්ලා මෙතන. "

"ඔයා කියන්නේ මොනවද කියලවත් ඔයා දන්නේ නෑ ජින්. "

"මම දන්නවා මම මොනවද කියන්නේ කියලා. ඔයා ඔයාට මිනිස්සු ආදරේ කරනකොට ඒ ආදරෙන් පැනලා ගියා.  ඔයා එහෙම කෙනෙක් වෙලා මට උපදෙස් දෙනවද?  ඔයාගේ උපදෙස් ඔයාම තියාගන්න. "

මම ටේහ්යුන්ග්ට කෑ ගහලා එතනින් යන්න ආවේ මගේ හිතේ ගොඩක් ලොකු කේන්තියක් මේ වෙලාවේ ආව හන්දා. මට මාවම කන්ට්‍රෝල් කරගන්න බෑ කියලා තේරෙනකොට මම බයටම ටේට කෑ ගහලා මගේ රූම් එකට ආවා.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now