12th Feet

219 92 8
                                    

Jin's POV


මම මගේ පොත කියවන ගමන් ඉන්නකොට කෙන්ගෙන් කෝල් එකක් ආව හන්දා මම ඉක්මනට පොත පැත්තකට වීසි කරලා කෝල් එක ආන්සර් කරා.

~~ජිනී. ෆේස්ටයිම් කරමු.

මම උත්තරයක් දෙන්න කලින් වීඩියෝ කෝල් එකකට මාරු උනාම මම දැක්කා කෙන් සෙන්ඩුල් දෙන්නම පූල් එකක වෙලා දගල දගල  මාට්ය් එක්ක කතා කරනවා. පූල් එකේ කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම හිටියා. මම හන්සූ ගැන අහන්න හදනකොටම කෙන් මගෙන් ඇහුවේ වෙන ප්‍රශ්නයක්...

~~ආ... අද කොල්ලගේ මූණ වෙනස්... මොකද උනේ? ලස්සන කෙල්ලෙක්වත් ආවද?

"ම්ම්.කෙල්ලෙක් නෙවෙයි කෙන්. ඒ ලස්සන කොල්ලෙක්."

~~වාව්ව්ව්ව්ව්ව්.

කෙන් සෙන්ඩුල් දෙන්නම එක පාරට කෑ ගහනකොට මම හිනා වෙවී අයි පෑඩ් එක අතට අරගන්න ගමන් එහාටයි මෙහායඉ ඇවිද ඇවිද කතා කරා. මටත් එයාලා එක්ක ඉන්න  තිබ්බා නම්...

~~~කෝ අපිට එයාව පෙන්නන්න. මට බලන්න ඕනේ. ෆොටෝ එකක්වත් පෙන්නන්න..

මම ජනේලේ ලගට ගිහින්  ලැජ්ජාවෙන් හිනා වෙනකොට කෙන් සෙන්ඩුල් තවත් මාව ටීස් කර කර එක එක ඒවා කිව්වා. මට එයාලත් එක්ක ඒ ෆන් එක ගන්න බැරි උනත් ඒ හා සමාන සතුටක් කෙන් සැන්ඩුල් දෙන්නා මට ඒ කෝල් එකෙන් දුන්නා.

කතා කරන අතරම මම අනිත් බිල්ඩින්ග් එක උඩ බලනකොට උඩ ඉදන් කවුරුහරි මගේ දිහා බලන් ඉන්නවා කියලා තේරුනා. ටික වෙලාවක් හොදට ඒ දිහා බලන් ඉන්නකොට මම දැක්කේ ඒ වෙන කවුරුත් නෙවෙයි ජියොන් ජන්ග්කුක් කියලා..

"බෝයිස්. මම ඔයාලට පස්සෙ කෝල් බැක් කරන්නම්..."

~~ඒයි. කොහෙද යන්නේ?

"බායි බායි.."

කෝල් එක කට් කරලා මම  අයි පෑඩ් එක ඇදට වීසි කරලා මම මගේ ජැකට් එක ඇදගෙන ග්ලවුස් දාගත්තේ එලියේ මොන තරම් සීතල ඇතිද කියලා මට කිසිම අදහසක් තිබ්බේ නැති හන්දා. හොදටම උනුසුම් වෙන්න ඇදගත්තට පස්සේ මම ඔක්සිජන් බෑග් එකත් දාගෙන රූෆ් ටොප් එකට යන්න ආවේ අර මනුස්සය මොන මෝඩකමක් කරනවද කියලා අහන්න ඕනේ හන්දා.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now