7th Feet

230 99 6
                                    

Jungkook's POV 


හෝසෝක්ගෙන් බැනුම් අහලා මම ආයෙමත් රූම් එකට ආවේ යුන්ගිවයි ජිමින්වයි අද කොහොම හරි එලවලා දානවා කියලා හිතාගෙන..ඒත් මම එලවලා දාන්න කලින් එයාලා ගිහින් තිබ්බා. මම හිතපු තරම් මගේ ඇද අවුල් වෙලත් තිබ්බේ නෑ. ශුවර් එකටම යන්න කලින් ජිමින් ඇද හදන්න ඇති. නැත්තන් ආයේ ඊලග දවසේ රූම් සර්විස් නෑනේ එයාලට...

රූම් සර්විස්.....

ඒ ජින් කිව්ව වචන.

මම පෝටබල් බෑග් එක අයින් කරලා ආයෙමත් ඔක්සිජන් ටෑන්ක් එකෙන් කැනියුලා එක දාගෙන ඇද උඩට ආවේ ලැප් එකත් අරගෙන. කකුල් දෙකත් උඩට අරගෙන මම ජින් ව සෝශල් මීඩියා වල සර්ච් කරන්න හිතුවේ එයා ගැන තව මොනවා හරි දැනගන්න ඕනේ කියලා මගේ හිතේ කුතුහලයක් ආව නිසා.

ඒත් මම එයාගේ සම්පූර්ණ නම දන්නේ නෑනේ....

නිකමට කියලා හිතලා මම "ජින් සිට්‍රික් ෆයිබ්‍රොසිස්" කියලා සර්ච් කරා. මම හිතපු තරම් මගේ වාසනාව නරක උනේ නෑ. සර්ච් රිසල්ට් වල උඩින්ම ආවේ එයාගේ යූටියුබ් චැනල් එකක්.

ජින්'ස් ව්ලොග්....

එයාගේ නම කිම් සොක්ජින්....

~~~හෙලෝ වර්ල්ඩ්.....මම ආයෙමත් ඉතින් හොස්පිටල් එකේ. ~~~

මම ඒ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඉවර උනාම ඊලග වීඩියො එක බැලුවා. එකින් එක වීඩියෝස් ඔක්කොම මම බලාගෙන ගියේ එයා කොච්චර කියුට්ද කියලා හිතන ගමන්....


~~~....... අනිත් හැම සී.එෆ් හැදුන ලමයෙක් වගේම මමත් ඉපදුනේ මාරාන්තික ලෙඩක් එක්ක.  ඒත් ඒකෙන් කියන්නේ නෑ මම හෙට මැරෙයි කියලා. සමහර විට මම අද මැරෙන්න පුලුවන්. හෙට මැරෙන්න පුලුවන්. අනිද්දා මැරෙන්න පුලුවන්. ඕනෙම කෙනෙක් ඕනෙම වෙලාවක මැරෙන්න පුලුවන්. ඒත් අනිත් අයට වඩා මට තියෙන්නේ හරිම අඩු කාලයක්.මගේ පෙනහලු වැඩ කරන්නේ සීයට 50ක් විතරයි දැන්. ඒ හන්දා ඩොක්ටර් නම්ජූන් කිව්වා මට ලන්ග්ස් ට්‍රාන්ස්ල්ප්ලාන්ට් කරන්න වෙයි කියලා තව ටික කාලෙකින්.  ඒත් ගොඩක් අය දන්නේ නෑ අලුත් ලන්ග්ස් වලින් අපිට ජීවත් වෙන්න පුලුවන් තව අවුරුදු 5ක් වගේ කාලයක් කියලා. ඒත් ඒකත් මට හොදටම ඇති. මොකද අපි හැමෝටම ඕනේ අලුත් ට්‍රිඋට්මන්ට් එකක් හොයාගන්නකම් තව එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න....~~~
.
.
.
.
.
~~~....... හෙලෝ ගයිස්... මම දැන් ඉන්නේ එන්.අයි.සී.යූ එකේ. මගේ ආදරණිය නර්ස් හොබී මට තනියම මෙතනට එන්න අවසර දුන්නා. මොකද මම පොඩි ළමයින්ට ගොඩක් ආස හන්දා....~~~~
.
.
.
.
.

~~~~ ........ඔයාලා හැමෝම දන්න විදිහට සී. එෆ් කියන්නේ ජානමය රෝගයක්.. ඒකෙන් වෙන්නේ මගේ ඇග සෙම ටොන් ගානක් නිපදවන්න පටන් ගන්නවා. මේකේ තියන හිනා යන දේ තමයි මට ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා සී. එෆ් තියන අනිත් අයගෙන්. ඇත්තටම අපි අඩි 6ක දුරක් අපේ අතරේ තියාගන්න ඕනේ. නැත්තන් අපිට එයාලගේ බැක්ටීරියා ආසාදනය වෙලා අපේ ලෙඩේ තවත් නරක වෙන්න පුලුවන්....... ~~~
.
.
.
.
.

~~~ ........මට අද හරිම ශෝයි දවසක්. මොකද මට මගේ අලුත් ඇෆ්ලොවෙස්ට් එක හම්බුනා ( ඇෆ්ලෝවෙස්ට්;  ඒක ජීවිතාරක්ශක කබාය වගේ ඇදුමක්. ඒක කම්පනය වෙන්න පටන් ගන්නකොට ඇග ඇතුලේ තියන සෙම කට හරහා එලියට එනවා. ඇෆ්ලෝ වෙස්ට් එක එන්න කලින් තිබිලා තියෙන්නේ එක තැනක ඉදන් ඒ වගේ ඇදුමක් ඇදගෙන එක විදිහට ඉන්න එක. ඒත් ඇෆ්ලොවෙස්ට් එක හරිම පහසු දෙයක්. )   දැන් මට බිත්තියක එල්ලිලා දවස තිස්සේ දුක් විදින්න ඕනේ. ඔයාලට පේනවනේ මම ඉන්න විදිහ. මම ඇද උඩ නිදාගෙන ඔලුව ඇදෙන් පහලට දාගෙන හරිම ජොලියේ ඉන්නවා දැන්.......~~~

මම දන්නෙම නැතුව එකින් එක වීඩියෝ එක බලාගෙන යද්දි පහු වෙනිදා එලි වෙන්නත් ලන් වෙලා තිබ්බා. ලැප් එක ඇදට වීසී කරලා මම නිදාගත්තේ ආයේ හෙට එයාව.  ජින්ව... හොයාගෙන යන්න විදිහක් හොයාගන්නවා කියලා හිතාගෙනමයි


 

To be continued  ....


Fiction by Roshell 🍃







Five Feet Apart  |  Jin × Kook  |  Completed Unde poveștirile trăiesc. Descoperă acum