Jin's POV
මම ටේටේට පහල ලොබී එකට එන්න කියලා කෝල් එකක් අරගෙන එතන එහාටයි මෙහාටයි ගියේ ජන්ග්කුක් ගැන හිතේ තිබ්බ ලොකු කේන්තියකුත් එක්ක. ටේටේ ඇවිල්ලා පුටුවෙන් වාඩි උනාට පස්සේ මම එයාට මගේ කතාව කිව්වා."ඔයා දන්නවා ජිනී එයාගේ හැටි. එයා කතා කරන්නේ හිතලා බලලා නෙවෙයි".
"ඒත් එයා කොහොමද 'සූබින්' ගැනයි 'මරණය' ගැනයි එච්චර සැහල්ලුවෙන් කතා කරන්නේ. "
"ඔයා දන්නවා එයා ඒක හිතල කරේ නෑ කියලා. "
"ඒත් ටේටේ...."
මම ගිහින් ටේටේ වාඩි වෙලා හිටපු සෝෆා එකේම අනිත් කෙලවරේ වාඩි උනේ අඩි 6ක් තියලා.
."මට එතන ඉන්න තිබ්බේ ටේටේ. මට එදා මැරෙන්න තිබ්බේ. "
"ජින්..ඒකට ඔයාට කරන්න දෙයක් නෑ. ඔයා එහෙම දෙයක් වෙයි කියලා දැනගෙන හිටියේ නෑ"
......
"ජින් මේ බලන්න. ඔයා ඕක ගැන හිත හිත ඔයාටම වද දෙන එක නවත්තන්න දැන්...."
මම ටේටේ දිහා බලන් ඉන්නකොට එයා නැගිටල මගේ ඉස්සරහට ආවා. ඒත් එයා අඩි 6ක් ඈතින් හිටියේ..
"මේ ලෙඩේ මාව හිර කරලා ජින්. මට ඔයාව බදාගන්න ඕනේ.ඒත් මම කොහොමද ඔයා ලගට එන්නේ?."
මම ටේටේ දිහා බලන් ඉන්නකොට එයා මාව බදාගන්න වගේ අත් දෙපැත්තට කරා.
"පොඩ්ඩක් ඩ්‍රාමටික් වෙන්නකෝ ජින්. මගේ ඇක්ට් එකට සපෝර්ට් කරන්න ඔයත් මාව බදාගත්තා වගේ ඇක්ට් කරන්න. "
මම ටේටේ දිහා බලාගෙන හිනා උනා. මම මොන තරම් මූඩ් අවුල් වෙලා හිටියත් එයාට පුලුවන් උනා ඒ හැම වෙලේම මොකක් හරි මෝඩ වැඩක් කරලා මාව හිනස්සවන්න. ඒ මෝඩ වැඩ වලට මම ගොඩක් ආදරේ කරා.
"අයි ලව් යූ ජිනී.."
"අයි ලව් යූ ටූ."
"අපි දුක සමරන්න අයිස්ක්‍රීම් කන්න යමුද?"
"හා. "
![](https://img.wattpad.com/cover/289011530-288-k139711.jpg)
CZYTASZ
Five Feet Apart | Jin × Kook | Completed
Fanfictionඅපිට හුස්මගන්න වාතය ඕනේ තරමටම අපිට අපි ආදරේ කරන අයගෙන් ඒ 'ස්පර්ෂය' ඕනේ වෙනවා... ~ඒත් මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඒ මිනිස් 'ස්පර්ෂයේ' වැදගත්කම..... ~එයාගේ 'ස්පර්ශයේ' වැදගත්කම.... ~මට ඒක ආයෙ ඒක කවදාවත් නොලැබෙන තැනට පත් වෙනකන්.... Inspired by 'Five F...