26th Feet

193 89 2
                                    

Jungkook's POV



ජිමින් යූන්ගි දෙන්නම ගිය ගමන්ම මම ජින්ව හොයාගෙන ගියේ එයාගෙන් මේ ගැන අහන්න ඕනේ හන්දා..ඒත් එයා රූම් එකේ හිටියේ නෑ.  එන්.අය්.සී.යු එකේ හෙව්වත් එයා එතනත් හිටියේ නෑ. මම ආයෙමත් අපේ ෆ්ලෝ එකට ඇවිල්ලා  ටේටේගේ රූම් එකට ගියේ ජින් සාමාන්‍යෙන් ඉන්න වෙන තැන් ගැන එයා දනන්වද කියලා අහන්න.

"එයා ඉන්නේ ... ජිම් එකේ, එන්.අය්.සී.යූ එකෙ..... තව.....ආහ්. මෙඩිටේශන් රූම් එකේ. එයා සමහර වෙලාවට එතනත් ඉන්නවා. "

ටේටේ තැන්ක් කරලා මම මෙඩිටේශන් රූම් එක ලගට දුවගෙන ආවේ මෙතන නම් ජින් ඉන්න කියලා හිතෙන් ප්‍රාර්ථනා කරන ගමන්මයි.මම හිතුවා වගේම එයා ඇතුලේ භාවනා කර කර හිටියා.

සපත්තු දෙක ගලවලා මම එයා ලගට යනකොට එයා ඇස් ඇරලා මගේ දිහා බලලා ආයෙමත් ඇස් වහගත්තා
.

"ඔයා එනවා හොබී එහෙම දැක්කේ නෑ නේද ?"

"නෑ."

මම ජින්ගේ ඉස්සරහට ගිහින් අඩි හයක් තියලා ඈතින් වාඩි උනා. වාඩි වෙලා ඇස් වහගෙන ඉන්න එයාගේ ලස්සන මූණ දිහා බලලා මගේ හිතේ තෙරපෙන ප්‍රශ්නේ එලියට දැම්මා..

"සූබින් මැරිලා නේද?"

එයා සූබින්ගේ නම ඇහුන ගමන් එක පාරටම ඇස් ඇරියා. ඇස් ඇරලා මගේ දිහා බලන් හිටියේ මම එයාගේ කවදාවත් දැකලා නැති පැත්තක් එලියට දාන්න වගේ.

"ඔයා පොඩ්ඩක් කියන කරන දේවල් හිතලා බලලා කරොත් නරකද?"

"අපිට හිත හිත ඉන්න වෙලාවක් නෑ ජින්. අපි මැරෙන ගමන් ඉන්නේ.."

"ක.රු.ණා.ක.ර.ලා ඔයාට පුලුවන්ද ඔය මැරෙන කතා මට මතක් නොකර ඉන්න..මම ඒක දන්නවා හොදට. මට ඒක හොදටම තේරෙනවා. මම දන්නවා මම මැරෙනවා කියලා. මම දන්නවා විතරක් නෙවෙයි මම මගේ මරණේ එනකන් බලන් ඉන්නවා. මගේ හැම උපන්දිනයක්ම මම සෙලිබ්‍රේට් කරේ ඒ මගේ අන්තිම උපන්දිනය කියල හිතලා."

"මම දන්නවා ජින් මට තේරෙනවා."

"නෑ ජන්ග්කුක්. ඔයාට තේරෙන්නේ නෑ.ඔයාට තේරෙන්නේ නෑ මම ඉන්න තත්වේ. ඔයා කිව්වා වගේ සූබිනී මැරිලා ගියා. ඊට පස්සේ මගෙ ඔම්මයි අප්පායි ඩිවෝස් උනා. මම මැරෙන්න තිබ්බේ  ඒ වෙලාවේ. හැමෝම මගේ මරණෙට ලෑස්ති වෙලා හිටියේ. ඒත් ඒ වෙනුවට සූබින් මැරුනේ. මට මැරෙන්න බෑ ජන්ග්කුක් මට මැරෙන්න බෑ.මට බෑ තවත් මගේ ඔම්මටයි අප්පාටයි දුක් දෙන්න."

"ඔයා ඒ හන්දද ඔයාගේ බෙහෙත් ගැන ඔච්චර හිතන්නේ. ඔයාට මැරෙන්න බයක් නෑ ජින්. ඔයාට ඔය තියෙන්නේ ඔයා ජීවත්වෙන එක ගැන වරදකාරී හැගීමක්.... "

"ජන්ග්කුක්-"
.

"ඔයා ජීවත් වෙන එක ගැබ ඔයා ඔයාටම වැරැද්ද පටව ගන්නවා. ඔයාට කන්ට්‍රොල් ඉශූස් කියලා දෙයක් නෑ ජින්. ඔයා ඔයාටම වැරැද්ද පටවගෙන ඉන්නේ. ඒකයි මෙතන වෙන්නේ "

"මට වෙන කරන්න දෙයක් නෑ ඒකට. මට වෙන කරන්න දෙයක් නෑ. "

"තියනවා. මම කියන්න හදන්නේ ඔයාට මොකක්ද කරන්න ඕනේ කිය්-"

"ජන්ග්කුක් නවත්තගන්න. ප්ලීස් නවත්තගන්න. මට ඔයාගේ ඔය බණ අහන්න ඕනේ නෑ. "

එක පාරටම ජින් වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා යන්න ගියා. එයා ගියේ කේන්තියකින්.

"ජින් නවතින්න. "

"අපි භාවනා කරමු. "

"ජින් ප්ලීස්."

"මට සමාවෙන්න. "

"ජින්..."

එයා යන්න ගියා

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now