65th Feet

162 76 2
                                    

Hoseok POV

ටේහ්යුන්ග්ගේ මරණය අපි කාටවත් දරාගන්න පුලුවන් උනේ නෑ. කොච්චර මිනුස්සු මැරෙනවා දැකලා තිබ්බත් වයස අවුරුදු 5 ඉදන් මගේ අත් වලින් බෙහෙත් කරපු ළමයාව මැරුන එක මට දරාගන්න පුලුවන් උනේ නෑ.

මමයි යොන්දොයි අපේ ශීට්ස් වලට වෙල අඩ අඩ ඉන්නකොට ඩොක්ටර් නම්ජූන් මගේ දිහාට දුවගෙන ආවා 

"සෙන්ට් ලූක්ස් හොස්පිටල් එකේ මර්ණයක් වෙලා.ඒ පෙනහලු ජින්ට හොදටම ගැලපෙනවා. එයාව සර්ජරි එකට ලෑස්ති  කරවන්න. තව පැය 3කින් ඒක හම්බෙනවා. "


මම ජින්ගේ රූම් එකට දුවගෙන ගියේ මේක එයාට කියන්න. අවුරුදු ගානක් තිස්සේ එයා මේ වෙනුවෙන් බලන් හිටියේ. ඒත් දොර ඇරපු ගමන් මම දැක්ක දේ මාව එක තැන නතර කරා.  මුලු රූම් එකම අපායක් වගේ වෙලා. එයා ගොඩක් පරිස්සම් කරපු සූබින්ගේ චිත්‍ර ඔක්කොම වගේ බිම පොඩි වෙලා තිබ්බා..

"නෑ..මේක වෙන්න බෑ "

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now