62th Feet

170 79 3
                                    

Jin's POV


ඇග හොදට උණුසුම් වෙන්න ඇදගෙන මම එලියට ආවා තරු බලන්න යන්න. හොස්පිටල් එක ලගින් යනකොට මම දැක්කා පහල ලෝන්ජ් එකේ වාඩි වෙලා ඉන්න ජන්ග්කුක්ව. 

වීදුරුවෙන් එයා දිහා ටික වෙලාවක් බලන් ඉදලා මම එයා ලගට ගිහින් වීදුරුවට තට්ටු කරා. එයාත් නැගිටලා වීදුරු බිත්තිය ලගට ඇවිල්ලා මගේ අත තියන තැනින්ම අත තියාගෙන මගේ දිහා බලන් හිටියා.

එයාට එලියට එන්න කියලා අතින් කියලා මම දොර ලගට ගියෙ තරු බලන්න එයාවත් එකතු කරන්  යනවා කියලා හිතාගෙන.

එයා එලියට ආවට පස්සේ මම එයා දිහා බලන් හිටියේ මොනවා කියනවද කියලා හිතාගන්න බැරුව. මගේ හිත එක එක ඒවා හිතුවට අන්තිමට මගේ කට කතා කරා.

"මට තරු බලන්න යන්න ඕනේ."

"එතනට කිලෝ මීටර් 2ක් වත් ඇති ජින්.එලියේ සීතලයි. එන්න ඇතුලට."

"මම යනවා. එනවා නම් එන්න මාත් එක්ක."

"ජිනී මේක හිතුවක්කාර වෙන්න ඕනේ වෙලාවක් නෙවෙයි. එන්න ඇතුලට."

"මට මේක කරන්න බෑ ජන්ග්කුක්. මම මෙච්චර කල් ට්‍රීට්මන්ට් අරගෙන ජීවත් වෙනවා වෙනුවට ට්‍රීට්මන්ට් ගන්න ජීවත් උනා. මට මේක ඇති වෙලා. මට ඇත්තටම ජීවත් වෙන්න ඕනේ. ඇත්ත ජීව්තේ විදින්න ඕනේ. මම යනවා. එනවා නම් එන්න මාත් එක්ක."

මම අනිත් පැත්ත හැරිලා තරු තියන පැත්තට ගියේ එයා එනවා නම් එයි කියලා හිතාගෙන.

"මේක නිකන්ම නිකන් ජිවිතයක් විතරයි ජන්ග්කුක්. අපි හිතන්නත් කලින් ඒක නැති වෙලා යන්න පුලුවන්....."

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now