8th Feet

230 102 5
                                    

Jin's POV

මම උදේ නැගිටුනේ ලොකු බඩගින්නකුත් එක්කමයි. හොදම දේ කියන්නේ මගේ උදේ කෑම එකත් ඒ වෙනකොට ඇවිල්ලා තිබ්බේ.  හොස්පිටල් කෑම... ඉස්සර එපා උනත් දැන් මට ඒක එච්චර ගානක් නෑ. ඕනේ කෑමක් එකයි. කෑම තමයි ජීවිතේ. ඒ කෑම එක රස වෙන්න ඕනෙද නැද්ද කියන එක මට අදාල නෑ.

බොරුවට රටේ නැති කතා කිය කිය මගේ  හිත හදාගත්තට පස්සේ මම මගේ කෑම වහලා තිබ්බ එක ඇරලා කන්න හැන්ද අතට ගන්නකොටම මගේ ෆෝන් එකට වීඩියෝ කෝල් එකක් ආවා.

ටේටේගෙන්...

"හෙලෝ ටේටේ."

~හායි ජිනී. ඔයා නිකන් මහන්සි පාටයි.  ආව්ව්ව්.. කවුද ඒ ? කාත් එක්කද ඔයා ඊයේ රෑ හිටියේ? මම දන්න කෙනෙක් එක්කද  ?

"ඒයි මෝඩයා. කටවහගන්නවා විකාර කියවන්නේ නැතුව. ඔයාට මොනවද අද කන්න  හම්බුනේ. මට මේවා..."

මම ෆෝන් එක මගේ කෑම  පැත්තට හරවලා ටෙටේට මගේ කෑම එක පෙන්නුවම එයා එයාගේ කෑම එකත් මට පෙන්නුවා. ඒ කෑම එකේ මම ආසම දෙයක් තිබ්බා. ට්‍රෆ්ල්ස්!!! ( හතු වර්ගයක්)

"ඒයි ඔයාට කොහෙද ට්‍රෆ්ල්ස්? මගේ කෑම එකේ ඒවා නෑ "

~ඔයාට ඕනේ නම් ඔයා ඒවා ගේන්න ඕනේ ජිනී. ඒවත් මෙහෙන් දුන්නා නම් ඔයාගෙ හොස්පිටල් බිල් එක ගෙවන්න වර්ල්ඩ් බැන්ක් එකෙන් ලෝන් එකක් ගන්න වෙනවා

ටේටේ මට ඊලගට එයාගේ ෆුඩ් කාර්ට් එක පෙන්නුවා. එයා ට්‍රෆල්ස් දාපු වීදුරු බෝතලයක් මට පෙන්නලා ඊලගට එයාගේ ෆුඩ් කාර්ට් එකේ තියන අනිත් ඒවත් පෙන්නුවා. මම මෙඩ් කාර්ට් එකක් තියන් ඉන්නකොට එයා ෆුඩ් කාර්ට් එකක් තියන් හිටියා. ටේටේ චෙෆ් කෙනෙක් වෙන්න හරි ආසයි... ඉතින් එයා එයාට හම්බෙන කෑම එක එයා ලග තියන දේවල් දාලා තව රස වෙන්න හදාගන්නවා.

"ආහ්හ්.....මට ඕවා නෑ...මට ඔයා ගැන ඉරිසියයි ටේටේ "

~ඒවා වැඩක් නෑ. දන්නවද වැඩක්.... කොහොම කොහොම හරි අන්තිමට මම සින්ගල්ල්ල්ල්ල්ල්ල් ....

"ඔයා මිශෙල් එක්ක බ්‍රේකප් උනාද?"

~නෑ. එයා මාත් එක බ්‍රේක්ප් උනාද කොහෙද...

"ඒ කිව්වේ?"

~මට එහෙම හිතනවා.

"මෝඩ ටේටේ. එහෙම මේ එක පාරටම ඔයා කොහොමද කියන්නේ එයා එහෙම හිතනවා ඇති කියලා.  ඔයාට හිත් කියවන්න බෑනේ... ඒක හන්දා පොඩ්ඩක් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. මම හිතුවේ එයා තමයි ඔයාට හරියනම කෙනා කියලා....

~ඔව් මාත් හිතුව්---

ටේටේ එක පාරටම එයාගේ අතේ තිබ්බ වතුර එක බටයකින් බොන්න ගිහින් ඒක හිර කරගත්තා. ඒත් එක්කම එයාගේ අතින්  ෆෝන් එක වැටිලා ඒකේ වීඩියෝ එක තනි කලු උනේ කැම් එක මොකකට හරි වැහුනා කියලා මට තේරුම් කරවන ගමන්. කැම් එක වැහුනත් මට එයා කහින සද්දය හොදටම ඇහුනා .

"ටේටේ"

......

"ටේටේ මොකද උනේ?"

. ...

"ටේටේ කතා කරන්නකෝ."

....

"ටේටේ?"

මම කොච්චර කතා කරත් ටේටේගෙන් මට ඇහුනෙ එයා හොදටම කහින සද්දයක් විතරයි. ඒක එච්චර  හොද දෙයක් නෙවේ හන්දා මම කැනියුලා එකත් ගලවලා දාලා ටේටේගේ රූම් එකට දුවලා ගියේ එයාට මොකක් හරි කරදරයක් වෙන්න ඇති කියලා හිතේ ලොකු බයක් තෙරපෙනකොට

To be continued..

Fiction by Roshell 🍃

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now