23rd Feet

188 90 4
                                    

Jungkook's POV

මම ජින්ගේ කාර්ටූන් එක ඇද ඇද ඉන්න අතරේ යොන්දො ආවා. බඩකුත් උස්සගෙන කොහොම වැඩ කරනවද මන්දා. මට ඒක අහන්න ඕනේ උනත් මම එයාගෙන් ඒක ඇහුවේ නෑ. මම නර්ස්ලා , ඩොක්ටර්ස්ලා එක්ක හොද සම්බන්ධයක් තියන් ඉන්න කෙනෙක් නෙවෙයි.

මගේ කැනියුලා එකට අලුත් අයිවී ඩ්‍රිප් එකක් දාලා යොන්දෝ මාත් එක්ක කතා කරා.

"ඔයා මෙහෙම ඉන්නවා දකින්න ආසයි ජන්ග්කුක්"

"කොහොම ඉන්නවා දකින්නද?"

"බලාපොරොත්තුවක් තියන, ජීවත් වෙන්න ආස කෙනෙක් විදිහට...."

මම එයා දිහා බලලා හිනා වෙලා මගේ කාර්ටූන් එකේ ඇද ඇද හිටියා.එයා මගේ ලගින් යන්න යනකොට මම එයාව නවත්තලා මගේ හිතේ වද දුන්න එකම එක ප්‍රශ්නයක් ඇහුවා.

"යොන්දො"

"ම්ම්."

"මේ කරන දේවල්, මගේ ට්‍රීට්මන්ට්ස්, මගේ ඩ්‍රග් ට්‍රයල්ස්... ඒවා හරි ගියේ නැත්තන් මොකද වෙන්නේ?."

"ඒවා හරි ගියොත් මොකද වෙන්නේ? "

යොන්දෝ මට හිතන්න ප්‍රශ්නයක් ඉතුරු කරලා යන්න ගියා

Five Feet Apart  |  Jin × Kook  |  Completed Donde viven las historias. Descúbrelo ahora