3rd Feet

289 103 9
                                    

Jin's POV

වහපු දොරට හේත්තු වෙලා මම ලොකු හුස්මක් ගත්තේ ඇස් වලින් කදුලක් වැටෙන්න ඔන්න මෙන්න තියනකොට....

හුස්ම ගන්න ටිකක් අමාරුයි වගේ දැනෙනකොට මම නසල් කැනියුලා එක අරගෙන දාගත්තා.

මම ඔක්සිජන් ටෑන්ක් එකත් ඇදගෙනම මගේ රූම් එකේ අනිත් කෙලවරට ආවේ මම තාම අන්පැක් කරලා ඉවර නැති හන්දා. මගේ රූම් එකේ බිත්ති හතරෙන් එක බිත්තියක් පිරිලා යන්නේ චිත්‍ර ටිකක් එල්ලන්න.

මම ආසම...
මගේ ජීවිතේට වටිනම...
චිත්‍ර ටික...

ඔක්කොම එල්ලලා ඉවර උනාට පස්සේ මම මගේ අතේ තිබ්බ අන්තිම පේන්ටින්ග් එක දිහා බැලුවා. ඒකේ තිබ්බේ ලන්ග්ස් දෙකක්. සූබින් මට ඒක ඇදලා දුන්නේ මගේ ලෙඩේටත් හරියන්න එක්ක.

එයා මගේ ලග නැති උනත් මට ඒක මතක් වෙන්න දෙන්න....

ඒක දිහා ටික වෙලාවක් බලන් ඉදලා මම මගේ පුරුදු වැඩ ටික කරනන් පටන් ගත්තා. මම පුරුද්දක් විදිහට යූටියුබ් චැනල් එකකින් CF ගැන ගොඩක් දේවල් කියලා දුන්නා. ඒක මගේ ජීවිතේ එක කොටසක්. මම ආසාවෙන් කරන එක දෙයක් ඒක...

ඇද උඩට වැටිලා මම අලුත් වීඩියෝ එකක් ලයිව් කරන්න ගත්තේ අද දවස ගැන මම රෙකෝර්ඩ් එකක් තියාගන්න ඕනේ හන්දා.

අද දවසේ මතක මාත් එක්ක තියාගන්න ඕනේ හන්දා.....

~හෙලෝ වර්ල්ඩ්. මම ආයෙමත් ඉතින් හොස්පිටල් එකේ. අලුත් ටියුනප් එකකට.මට තව ඇන්ටිබයෝටික් රවුන්ඩ්ස් ටිකක් කරන්න වෙලා තියෙන්නේ මගෙ උගුර මේ ලගදි ඉදන් රිදෙන්න ගත්ත නිසා -....~

එක පාරට දොර ඇරෙන සද්දෙත් එක්ක මම  පිටිපස්ස හැරිලා බැලුවේ කවුද ආවේ කියලා බලන්න. නර්ස් හෝසෝක්. එයා මෙඩ් කාර්ට් එකත් අරගෙන ඇතුලට ආවා.

"හායි හොබී...."

"උගුර රිදෙනවා? 102ට උණත් එක්ක."

මම මගේ කැම් එක නර්ස් හෝසොක් දිහාට කරලා එයාට මගේ විවර්ස්ලට හායි කියන්න කියලා කිව්වා. එයා එයාගේ මූණෙන් මගේ කැම් එක අයින් කරලා මගේ ලගට ආවා.

"හායි කියන්න."

"ජින්!! ඕක මගේ ලගින් ගන්න.."

Five Feet Apart  |  Jin × Kook  |  Completed Wo Geschichten leben. Entdecke jetzt