14th Feet

223 89 9
                                    

Jungkook's POV

ජින් එක පාරටම ඇවිල්ලා මට කතා කරලා ගිය විදිහට මම පුදුම උනා. එයා එච්චර කලබලෙන් මගේ කොලෙත් ගුලි කරලා වීසි කරලා , කලබලෙන් කතා කරලා යන්න ගියාම මම එයාගේ පස්සෙන් ගියේ ඇයි එයා එච්චර පීඩනයක ඉන්නේ කියලා අහන්න. මොනවා උනත් මම එයාගෙන් ඒ වගේ හැසිරීමක් බලාපොරොත්තු උනේ නෑ.

ලිෆ්ට් එක ලගදි මාව දාලා ගියත් මම දන්නවා එයාව අල්ලගන්න පුලුවන් කොහෙන්ද කියලා. අනිත් ලිෆ්ට් එකෙන් මම එන්.අයි.සී.යූ එකට යනකොට මම හිතුවා වගේම ජින් එතන හිටියා. එයා වීදුරුව ලගට වෙලා ඇතුල බලාගෙන හිටියා. මම කතා කරන්න කලින්  ජින් දිහා ටික වෙලාවක් බලන් හිටියේ එයා හරි ලස්සනට හුස්ම ගන්න නිසා.

හුස්ම ගන්න එකේ මොන ලස්සනක් ද ජන්ග්කුක් තියෙන්නේ.

මගේ හිත මට විහිලු කරාට ඇත්තටම එයා ලස්සනට හුස්මගත්තා. මම ටියුබ් එක ඇතුලේ ඉන්න ලමයා දිහා බලන් හිටියම මට තේරුනා ජින් ඒ ලමයා මැශින් එකෙන් හුස්ම ගන්න තාලයට එයත් හුස්ම ගන්නේ කියලා.අන්තිමට එයාම කතා කරන්න පටන් ගත්තා

"ජන්ග්කුක්....මට ඕනේ ඔයා හරියටම ඔයාගේ බෙහෙත් වෙලාවට ගන්නවා දකින්න."

"ඇයි ඔයා මට මොකක්ද ඔයාට උනේ කියලා කෙලින්ම කියන්නේ නැත්තේ? "

මම එයාගෙන් අහපු දේට එයා උත්තර දෙන්න පසුබට උනා. ඒත් එයා ඒකෙන් තවත් කලබල උන එක විතරයි උනේ.

"ජින්, මම හිනා වෙන්නේවත් විහිලු කරන්නෙවත් නෑ. මට ඇත්තටම මොකද උනේ කියලා කියන්න. "

" මට කන්ට්‍රෝල් ඉශූස් තියනවා ජන්ග්කුක්. මට හැමදේම පිලිවෙලට කරන්න ඕනේ. මට හැමදේම පිලිවෙලට තියෙන්නත් ඕනේ. මට ඒකට කරන්න දෙයක් නෑ.  මට මාව කන්ට්‍රෝල් කරගන්න බෑ. මම දන් දන්නවා ඔයා ඔයාගේ ට්‍රීට්මන්ට්ස් හරියට ගන්නේ නෑ කියලා.ඉතින් දැන් ඒක මාව පිස්සු වට්ටනවා. මට කිසි දෙයක් හරියට කරගන්නවත් බෑ. "

"හරි. මට තේරුනා. මට ඔයාට උදව් කරන්න ඕනේ. ඒත් මම දන්නේ නෑ මම ඒකට මොකක්ද කරන්න ඕනේ කියලා."

"විකාර කියවන්න එපා ජන්ග්කුක්.  විකාර කරන්න එපා. ඕනෙම CF කෙනෙක් දන්නවා මොනවද කරන්න ඕනේ කියලා. අපි නිකන් වයස 12 විතර වෙනකොට  ඩොක්ටර්ස්ලා වගේ වෙනවා. අපි තනියම අපිට ට්‍රීට් කරගන්න පුරුදු වෙනවා.  එහෙම එකේ ඔයා කියනවද ඔයා මොකක්ද කරන්න ඕනේ කියලා දන්නේ නෑ කිය-"

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now