Trigger Warning ahead 🍃
Jin's POV
~~සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩයලට 307 කාමරයට වාර්ථා කරන්න. ~~
එකම අනවුන්ස්මන්ට් එක දෙපාරක් යනකොට මාව නැගිට්ටුනේ 307 ඉලක්කම මට ගොඩක් පුරුදු නම්බරයක් නිසා. එලියෙන් එන සද්දේ වැඩි වෙනකොට මම ඇදෙන් බැහැලා එලියට ආවේ මොකකද වෙන්නේ කියලා බලන්න.
~307
~ටේටේ.
මම ටේටේගේ රූම් එක ලගට යනකොට මම දැක්කා නර්ස්ලා ගොඩක් ඒ රූම් එකට යනවා. තව මැශින් ගොඩකුත් එහේ මෙහේ අරන් ගියා. එයාගේ රූම් එකේ දොර ඉස්සරහට යනකොටම.....
යනකොටම මම දැක්කා බිම ඉන්න ටේටේ. හොබී යොන්දො දෙන්නම එකතු වෙලා එයාට ට්‍රීට්මන්ට් කරන ගමන් හිටියේ. මගේ ඇස් වල කදුලි පිරිගෙන එනකොට මම හොබීට් කතා කරා
"හොබී, ටේටේට මොකද. "
"කවුරු හරි ජින්ව මෙතනින් ඈත් කරන්න. ඔය දොර වහන්න. "
ටේටෙගේ රූම් එකෙ දොර වැහෙනකොට මම ඒක ඇරෙයි කියලා බලන් හිටියා. ඒත් එයාලා දොර ඇරියේ නෑ. මම බිත්තියට හේත්තු වෙලා එයාගේ රූම් එක දිහා බලන් ඉන්නකොට ජන්ග්කුක් මගෙ ඈතට වෙලා ටේටේගේ රූම් එක දිහා බලන් හිටියා.
🍃ටික වෙලාවක් යනකොට ඩොක්ටර් නම්ජූන් එනවා දැකලා මාත් එයාගේ පස්සෙන් ටේටේගේ දොර ලගටම ආවා. ඩොක්ටර් නම්ජුන් දොර ඇරගෙන යනකොට හොබී බිම වාඩි වෙලා අඩ අඩ හිටියා. යොන්දොත් අඩනවා. ටේටේ මගේ පැත්තට මූණ හරවගෙන හිටියේ. එයාගේ මූණේ වෙනදා තිබ්බ හිනාව නෑ. එයා ඇස් ඇරලත් නෑ.
"මට සමාවෙන්න ජිනී. එයා යන්න ගියා..."
හොබී කිව්ව දේවල් මගේ ඔලුව ඇතුලේ දෝංකාර දීලා කිව්වෙ ඒ ඔක්කොම බොරු කියලා..හොබී කියන්නෙ බොරු කියලා..
"නෑ..ඒක වෙන්න බෑ.
"ඒක වෙන්නේ නෑ.."
"ටේට මැරෙන්න බෑ."
"ටේටෙට මාව දාලා යන්න බෑ.."
"ඔයාලා කියන්නෙ බොරු."
"ටේටේ මැරෙන්නේ නෑ."
YOU ARE READING
Five Feet Apart | Jin × Kook | Completed
Fanfictionඅපිට හුස්මගන්න වාතය ඕනේ තරමටම අපිට අපි ආදරේ කරන අයගෙන් ඒ 'ස්පර්ෂය' ඕනේ වෙනවා... ~ඒත් මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඒ මිනිස් 'ස්පර්ෂයේ' වැදගත්කම..... ~එයාගේ 'ස්පර්ශයේ' වැදගත්කම.... ~මට ඒක ආයෙ ඒක කවදාවත් නොලැබෙන තැනට පත් වෙනකන්.... Inspired by 'Five F...