48th Feet - Mature Content

224 80 4
                                    

Jin's POV

Mature Content ahead   🍃

මම කුකීට මගේ හිතේ තියන දේවල් ටිකක් කිව්වට පස්සේ මගේ හිත නිදහස් වගේ දැනුනා. එයා මගේ දිහා වශී වෙලා වගේ බලන් ඉන්නකොට එයා මට එක දෙයක් කිව්වා.

"ඔයාගේ පුදුම ලස්සනක් තියෙනේ ජිනී."

මම ජන්ග්කුක්ගේ ඇස් දිහාම බලාගෙන හිටියා. ඒ ඇස් වල ආදරේට වඩා දෙයක් තිබුනා. අපිට කවදාවත් කරන්න බැරි දෙයක් ගැන තියන  අහින්සක ආසාවක් මම කුකීගේ ඇස් වල දැක්කා.

"මට ඔයාව අල්ලන්න තිබ්බා නම්..."

ජන්ග්කුක් ඒක කියලා ඉවර වෙනවා එක්කම මම පූල් ක්‍යු එකේ කොනක්  අල්ලගත්තා. අපිට අපිව අල්ලන්න පුලුවන් මේ විදිහට විතරයි.එයත් අනිත් කොණ අල්ලගත්තට පස්සේ මම පූල් ක්‍යු එක මගේ ඇග දිගේ ගෙනිච්චා.

මුලින්ම මූනෙන් පටන් අරන් මම කම්මුල් දිගේ ඒක බෙල්ලට එනකන් අරන් ආවා. බෙල්ල ලගින් මගේ ශෝල්ඩර් එක හරලා මගේ චෙස්ට් එක , බඩ අන්තිමට කකුල් වලට වෙනකන් මගේ පූල් ක්‍යු එකේ මගේ පැත්තේ තිබ්බ කොන අරගෙන ගියේ එයාග මාව අල්ලනවා කියන දේ දැනෙන්න කියලා හිතාගෙන.

එයාගේ ඇස් ආසාවෙන් දිලිසෙනකොට මම එයාට මෙච්චර කල් නොකියපු ඇත්තක් කිව්වා.

"මම ඔයාට පලවෙනි දවසේ බොරු කිව්වේ. මම කිව්වා සෙක්ස් කියන්නේ නියම දෙයක් කියලා. ඒත් මම සෙක්ස් කරලා තිබ්බේ නෑ. මම ඔයාට දැනෙන්න දුන්නා මම කරලා තියනවා කියලා.... මම කාටවත් මගේ ඇග පෙන්නනන් කැමති උනේ නෑ.  මගේ ඇග පුරාම සර්ජරි වල කැලැල්. ඒවා සෙක්සි නෑ කුකී. දකින කෙනෙක්ට ඒවා අප්පිරියා වෙයි. "


"ඒත්  මට කවදාවත් එහෙම වෙන්නේ නෑ. මට ඔයාගේ ඕනේ දෙයක් ලස්සනයි."

මම ජන්ග්කුක්ගේ මූණ දිහා ටික වෙලාවක් බලන් හිටියා. එයා කියලා තියෙන්නෙ ඇත්ත. ඒත් මම තාමත් එයාගේ ඇස් වලින් අර මම දැකපු අහින්සක ආසාව තාමත් දැක්කා.

🍃🍃🍃🍃

වාඩි වෙලා හිටපු තැනින් මම එක පාරටම නැගිටලා ජන්ග්කුක් දිහා හැරිලා හිටගත්තා.  එයා පුදුම වෙලා මගේ දිහා බලන් ඉන්නකොට මම මගේ ටීශර්ට් එක ගලවලා දැම්මා. එයා මගේ දිහා බලාගෙනම ඉන්නකොට මම මගේ ට්‍රවුසර් එකත් ගලවලා දාලා එයාගේ ඉස්සරහා අඩ නිරුවත් උනේ මගේ අන්ඩර් වෙයා එක විතරක් මගෙ ඇගේ අත්‍යවශ්යම දේවල් වහනකොට.

ටික වෙලාවක් මගේ දිහා බලන් හිටපු ජන්ග්කුක් එයා වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා මගේ ඉස්සරහා හිට ගත්තා. එයත් එයාගේ ටීශර්ට් එක ගලවලා දාලා මගේ දිහා ටික වෙලාවක් බලන් ඉදලා එයාගේ කලිසමත් ගලවලා දාලා කෙලින් උනේ මට එයාව හරියට පේන්න වගේ.

මම එයාගේ ඇග දිහා බලන් හිටියේ මම පලවෙනි පාරට වෙන කෙනෙක්ගේ ඇගක් දැකපු නිසා. මගේ වගේම බඩ මැද තැනින් තැන එක එක අතට එයාගෙත් සර්ජරි මාර්ක්ස් තිබ්බා. අපි දෙන්නට දෙන්න කිසිම වෙනසක් නැතුව අපේ ඇගේ තියන සර්ජරි මාර්ක්ස් දිහා  බලාගෙන ගොඩක් වෙලා හිටියා. සෙක්ස් කරන්න බැරි අපි දෙන්නා , අපි දෙන්නා දිහා බලාගෙන තෘප්තිමත් උනා.

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now