21st Feet

195 90 5
                                    

Jin's POV

මම ජන්ග්කුක්ට පොරොන්දු උන විදිහටම එයාට මාව අදින්න දුන්නා.  මම ජිම් එකේම  ජනේලය ලග වාඩි වෙලා එලිය බලාගෙන ඉන්නකොට එයා මට අඩි 6ක් දුරින් ඉදන් ස්ටූල් එකක වාඩි වෙලා මගේ දිහා බලාගෙන අදින්න පටන් ගත්තා. 3ක දිගට වාඩි වෙලා ඉදලා එපා උන හන්දා මම මගේ බෑග් එකෙන් මගේ නෝට් බුක් එක අරගෙන අද වැඩ ටික කපන්න පටන් ගත්තා.

"ඒ මොකක්ද?"

"මගේ ටු-ඩු-ලිස්ට් එක."

"ටු-ඩු-ලිස්ට් එක? ඇප් හදන කෙනෙක්ට ඕක මහ පරණ තාලේ වැඩක් නේ. "

"ඔව්..ඒ උනාට මම මේකට ආසයි. ඇප් එකක් හැදුවා කියල මට මේ වගේ සතුටක් හම්බෙන්නේ නෑ. "

මම ලිස්ට් එකෙන් අද මම කරපු දේවල් කපලා දැම්මා.

~ඔම්මා එක්ක බ්‍රෙක්ෆස්ට්

~ඩොක්ටර් නම්ජූන්ගේ විසිට් එක

~ජන්ග්කුක්ට මාව අදින්න දෙන එක.

ඔය තුන කපලා දාලා මම පොත වහලා ජන්ග්කුක් දිහා බලලා හිනා උනේ මොනවා උනත් එයාට මගේ ලස්සන රූපයක් අදින්න දෙන්න ඕනෙ හන්දා.

"මොනවද ඔයාගේ ඔය ලිස්ට් එකේ තියෙන්නේ ඉතින්?"

"මගේ ලොකු ලිස්ට් එකේද? හැමදාම කරන ලිස්ට් එකේද?"

"ලොකු ලිස්ට් එකේ. ඒකේ ඇත්තේ ලොකු ලොකු දේවල්නේ."

"හරි. එහෙනම් මේවයි තියෙනේ.

පොලිටිකල් කැම්පේන් එකකට යන එක.

කරා

විලියම් ශේක්ස්පියර්ගේ පොත් ඔක්කොම කියවන එක.

කරා

CF ගැන මම දන්න හැමදේම අනිත් අයත් එක්ක බෙදාගන්න එක.

ඒක තමයි මගේ යූටියුබ් චැනල් එක."

"ඔයාට එතකොට ඕනේ ස්මාර්ට් විදිහට මැරිලා යන්න. එතකොට ඔයාට අපායේ ඩිබෙට් ටීම් එකට එකතු වෙන්න පුලුවන්නේ. ඔයාගේ ලිස්ට් එකේ නැද්ද වර්ල්ඩ් ටුවර් එකක් යන එකක් එහෙම?"


මම ජන්ග්කුක්ට උත්තර දෙන්නේ නැතුව මගේ ලිස්ට් එක දිහා බැලුවා.

~~සූබින් එක්ක සිස්ටින් චැප්ල් එකට යන එක.~~

මගේ ලොකු ලිස්ට් එකෙන් කවදාවත් මට කරගන්න බැරි වෙන දේ. අපි දෙන්නා හිතාගෙන හිටියේ ලොකු ටුවර් එකක් යන්න. ඒත් ඒක මට කරන්න වෙන්නේ නෑ. මම ඒ ගැන ජන්ග්කුක්ට කිසි දෙයක් කියන්නේ නැතුව මගේ ලිස්ට් එකේ තියන අනිත් දේවල් එයාට කිව්වා.

"පියානෝ ප්ලේ කරන්න ඉගෙන ගන්න එක.

කරා.

ෆ්‍රෙන්ච් කතා කරන්න ඉගෙන ගන්න එක.

මට ඒකත් හොදට පුලුවන්. "


"ඔයාට මගේ දිහා විනාඩියකට බලන් ඉන්න පුලුවන්ද ?"

මම ජන්ග්කුක් දිහා බලාගෙන එයාට මාව අදින්න දුන්නා.  එයා අදින දේ දිහා මගේ ඇස් යොමු කරන්න ඕනේ උනත් මම කරේ එයාගේ ඇස් , එයාගේ මූණ , එයාගේ නහය, එයාගේ ලිප්ස් දිහා බලන් හිටපු එක.

"ඔයාට මගේ ලිස්ට් එක අහනන් ඕනේ නැද්ද?"

"නෑ. "

"කමක් නෑ. ඒත් මම කියන්නම්. ජැක්සන් එක්ක ආර්ට් ක්ලාස් එකකට යන්න ඕනේ. ඒත් එයා මැරුනා. තව... යුරෝප් වල සෙක්ස් කරන්න ඕනේ.."

"මම කැමතියි ඔයාට ජැක්සන් එක්ක ක්ලාස් එකකට යන්න හම්බෙනවා නම්..."

"මම ඇත්තටම ආසයි වර්ල්ඩ් ටුවර් එකක් යන්න.  හොස්පිටල් එකකට වෙලා මාස ගානක් නිකන් ඉන්නවට වඩා ඇත්ත ලෝකේ මොනවගේද බලක්න යන්න ඕනෙ."

මම ජන්ග්කුක් කතා කරන දිහා බලාගෙන හිටියා. එයා කිව්ව දේවල් එකක්වත් මගේ ඔලුවට ගියේ නෑ. ඒත් එයාගේ මූන මගේ ඔලුව ඇතුලේ හරි ලස්සනට ඇදුනා.

"තැන්ක් යූ ජන්ග්කුක්."

"මොකටද ? "


"ඇත්ත දෙයක් කතා කරාට...."

"ඔයා ඔය කියන්නේ යුරෝප් වල සෙක්ස් කරන එක ගැනද?"

ඇයි මේ මනුස්සයා කොහෙන් ගියත් ඒ මාතෘකාවටම එන්නේ. මට ඒ වගේ දෙයක් කිව්වට පස්සේ තවත් එයාගේ මූණ දිහා බලන් ඉන්න බැරි හන්දා මම අනිත් පැත්ත බලාගෙන හිටියා.

"පොඩ්ඩක් ඉක්මන් කරන්න බැරිද?......."

Five Feet Apart  |  Jin × Kook  |  Completed Where stories live. Discover now