Jin's POV
ඔපරේශන් එකට තව හරියටම විනාඩි 20ක් තියනවා. ඒ 20 මට නිකන් පැය ගානක් යනවා වගේ දැනෙයි. එක්කො දැන්ම ඔපරේශන් එකට මාව ගත්තා නම් ... මට මෙච්චර හිත හිත ඉන්න ඕනෙ නෑ.දොර ඇරෙන සද්දේ එක්ක මම ඇදේ නිදාගෙනම දොර දිහා බැලුවම මම දැක්කා ඩොක්ටර් කෙනෙක් මට පිටුපාලා ඉන්නවා. ඒ කියන්නේ එයාලා මාව ඔපරේශන් එකට ගන්න හදන්නේ.
දෙවියනේ.... මට මැරෙන්න බෑ.....
ඒත් ඒ කෙනා මගෙ පැත්ත හැරුනමයි මම දැක්කේ ඒ ඩොක්ටර් කෙනෙක් නෙවෙයි කියලා. පී.පී.ඊ එකකින් මුලු ඇගම වහගෙන එතන හිටියේ ජන්ග්කුක්.....
"ඔයා මොනවද මෙතන කරන්නේ ජන්ග්කුක්?"
"මම හිතුවේ මේක බාත් රූම් එක කියලා. "
ජන්ග්කුක් හිනා වෙලා මගේ එහා පැත්තේ තිබ්බ පුටුව ටිකක් ඈතට කරලා ඒකෙන් වාඩි උනා. මම එයා දිහා බලාගෙන හිනා වෙලා හිටියේ මෙච්චර දවස් මගේ හිතේ තිබ්බ තරහා ඔක්කොම අමතක කරලා
මගේ දිහා ටික වෙලාවක් බලන් හිටපු ජන්ග්කුක් ආයෙමත් නැගිටලා ගිහින් කර්ට්න් එක වහලා ආයේ වාඩි උනා
"මේ ඔයා සූබින් නැතුව කරන පලවෙනි සර්ජරි එක."
"ඔයා කොහොමද ඒක දන්නේ ?."
"මම ඔයාගේ ෆිල්ම්ස් ඔක්කොම බලලා තියනවා. ඔයා දන්නේ නැති උනාට මම ඔයාගේ හොද රසිකයෙක්."
මම හිනා වෙලාම එයා දිහා බලන් හිටියේ මම මේ වගේ දෙයක් ජන්ග්කුක්ගෙන් බලාපොරොත්තු උනේ නැති නිසා. එයා ඊලගට කරපු දේ මාව අනිත් හැම දේටම වඩා පුදුම කරා.
"මම හිතන්නේ මම මේක එච්චර අවුල් කරගන්නේ නැති වෙයි. ඒත්.. ඔන්න මම පටන් ගන්නවා. හිනා වෙන්න ඔට්ටු නෑ."
මම බලාගෙන ඉන්නකොට ජන්ග්කුක් මම ආසම සින්දුව කිව්වා. මට හැමදාම ඔපරේශන් එකකට යන්න කලින් සූබින්ගේ කටින් ඔය සින්දුව අහන්න ඕනේ උනා. ඒත් දැන් ඒ වෙනුවට ජන්ග්කුක් මට ඒක කිව්වා
I love you, a bushel and a peck
A bushel and a peck
and a hug around the neck
A hug around the neck
and a barrel and a heap
A barrel and a heap
and I'm talkin' in my sleep"අනේ. තැන්ක් යූ. ඕක ඉස්සර සූබින්ටයි මටයි අපේ ආච්චම්මා කියනවා."
"ඒක ගොඩක් පරණයි ජිනී. මට ගූග්ල් කරන්නත් උනා ඒක හොයාගන්න."
"ඔව්. ඒක පරණයි. "
ඊලගට අපි දෙන්නා අතර ලොකු නිහඩතාවයක් ඇති උනා. අපි දෙන්නට දෙන්නා අපේ මූණු දිහා බලාගෙන ගොඩක් වෙලා හිටියා. මට මැරෙන්න ඕනේ නෑ. මට ජන්ග්කුක්ව දාලා යන්න ඕනේ නෑ. මට මැරෙන්න බෑ. මගේ හිත කියෙව්වා වගෙ ජන්ග්කුක් මට උත්තර දුන්නා.
"ඔයාට මොකුත් වෙන්නේ නෑ ජින්."
"ඔයාට හොදටම විශ්වාසද? "
"ඔව්. හොදටම- "
එයා ඉතුරු ටික කියන්න කලින් ඩොක්ටර් නම්ජූන් රූම් එකට එනකොට ජන්ග්කුක් ඉක්මනට කර්ට්න් එක අස්සේ හැන්ගුනා. ඩොක්ටර් නම්ජූන් මගෙ ලගට එනකොට මම දැක්කා ජන්ග්කුක් හෙමින් දොරෙන් එලියට යනවා.
YOU ARE READING
Five Feet Apart | Jin × Kook | Completed
Fanfictionඅපිට හුස්මගන්න වාතය ඕනේ තරමටම අපිට අපි ආදරේ කරන අයගෙන් ඒ 'ස්පර්ෂය' ඕනේ වෙනවා... ~ඒත් මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඒ මිනිස් 'ස්පර්ෂයේ' වැදගත්කම..... ~එයාගේ 'ස්පර්ශයේ' වැදගත්කම.... ~මට ඒක ආයෙ ඒක කවදාවත් නොලැබෙන තැනට පත් වෙනකන්.... Inspired by 'Five F...