Jin's POV
මම නැගිටුනේ අලුත් දවසකට. හරියට ඇස් ඇරියත් මට මොනවද උනේ කියලා මගෙ ඔලුවට ආවේ මගේ ඇදුම දැක්කට පස්සේ. තාමත් මම ඔපරේශන් ගොව්න් එකෙන් හිටියේ.
ඒ කියන්නේ මම මැරිලා නෑ. මම ජීවත් වෙනවා.
ෆෝන් එක ගන්න මේසේ උඩට අත දික් කරනකොට මම දැක්කා මේසේ උඩ තිබුන බොක්ස් එකක්..ඒක වටේ ඇදලා තිබ්බ කාර්ටූන් වලින් මට තේරුනා ඒ ජන්ග්කුක්ගෙන් මට පෝස්ට් ඔපරේශන් ගිෆ්ට් එකක් කියලා. ඒක ඇරලා බලලා මම අනිත් අතට එයාට කෝල් එකක් ගත්තේ තෑන්ක් කරන්න ඕනේ හන්දා.ඒත් එයා කෝල් එක ආන්සර් කරේ නෑ. කෝල් එක වොයිස් නෝට් වලට ගිය නිසා මම එයාට වොයිස් නෝට් එකක් දැම්මේ මට එයාව හම්බෙනකන් තව එක විනාඩියක් වත් නාස්ති කරන්න ඕනෙ උනේ නැති නිසා.
"හායි මේ මම ජින්.
ඔයා මේක දැක්ක ගමන්ම මට කෝල් එකක් ගන්න මොකද මට ඔයාව ගොඩක් මතක් වෙනවා.
ඒත් කෝල් කරන්න එපා මොකද මට ගොඩක් මහන්සි දැනෙනවා.
ඒත් මට කෝල් කරන්න මට ඔයාට කතා කරන්න ඕනේ හන්දා.
ඒත් කෝල් කරන්න එපා මට තව ටිකක් නිදාගන්න ඕනේ හන්දා.
ඒත් කෝල් කරන්න මොකද මට ඔයාගේ කටහඩ අහන්න ඕනේ.
ඒත් කෝල් කරන්න එපා ඇත්තටම මට තව රෙස්ට් කරන්න ඕනේ.
ඔයා මේක දැකපු ගමන් කෝල් එකක් ගන්න. මට ඔයාව මතක් වෙනවා. ඔයාගේ ඔය කොණ්ඩේ, ඔයාගේ හාවෙක් වගේ දත් දෙක.... ඔයාගේ ලිප් එක ලග තියන මාර්ක් එක... මට ඒ ඔක්කොම මතක් වෙනවා කුකී. මට ඔයාව හම්බෙන්න ඕනේ. මේක දැක්ක ගමන් කෝල් එකක් ගන්න. බායි "
YOU ARE READING
Five Feet Apart | Jin × Kook | Completed
Fanfictionඅපිට හුස්මගන්න වාතය ඕනේ තරමටම අපිට අපි ආදරේ කරන අයගෙන් ඒ 'ස්පර්ෂය' ඕනේ වෙනවා... ~ඒත් මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඒ මිනිස් 'ස්පර්ෂයේ' වැදගත්කම..... ~එයාගේ 'ස්පර්ශයේ' වැදගත්කම.... ~මට ඒක ආයෙ ඒක කවදාවත් නොලැබෙන තැනට පත් වෙනකන්.... Inspired by 'Five F...