- 1 -

27.2K 1.5K 420
                                    

ටවුන් එකට එනවා නං මේක තමා එන්න තියන සවුත්තුම වෙලාව... හෝන් උඩ නැගගෙන ඉන්න වැන් අංකල්ලා, හෝල්ට් එකෙන් හෝල්ට් එකට රේස් අල්ලන බස් අංකල්ලා, වහල උඩ උනත් ළමයි දාගෙන යන්න ආසාවෙන් ඉන්න කොන්දය්යලා... ආහ්.. සුදු ගවුම ඇද ගත්ත ලස්සන කෙල්ලො බෝනස් වශයෙන්... අනං මනං වර්ණනා ඕන නැනේ ඒක ඇවිත් ඉස්කොලේ ඇරෙන වෙලාව... මේ වෙලාවටම අද පාරට සෙට් වෙච්ච එකට ලස්සන කුණුහර්ප මාලාවක් තමන්ටම මුමුණගන්න තනි කළු ඇදගත්ත කොල්ලො සෙට් එක දැන් ඉන්නේ බයික් ටික එක තැන රේස් කර කර...

'' අඩොව් ගවියාාාා... අද යනවා බොරු ආ. ''  පාරේ වම් පැත්තට වෙන්න තිබ්බ තද නිල් පාට යමහා බයික් එකේ ඉදපු එකා කිව්වේ උගේම සහෝදර පාටට තිබ්බ තනි සුදු යමහා බයික් එකේ ඉදිය කළු සහෝදරයා දිහා බලමින්.. ආහ්.. කළුයි කිව්වට අපේ මේ සුදු යමහා බයික් එකේ අයිතිකාරයට අනුව නං එයාගේ පාට කලු නෙවේ දැකුම්ළු...

'' දැන් අපි මේ සේරමලා යන්නේ ගවියාගේ ක්‍රෂ් එක බලන්න ද ? '' පිටිපස්සෙන් තව ලොකු පැනයක් ...

'' ක්‍රෂ් එක මොකක්ද ඩො.. නෑනා නෑනා කෙලින්ම... '' එහා පැත්තේ කළු පාට බයික් එකේ එකා කිව්වේ අඩියක් බයික් එක ඉස්සරහට තල්ලු කරන ගමන්.. කොහොමත් ට්‍රැෆික් එකේ හැටියට මොන බයික් එක උනත් පදින්න වෙන්නේ කකුල් දෙකෙන් තමයි... 

'' ගවියො මේහ්. මේම ගියොත් නං උබට ඒකිගේ නැට්ටවත් අල්ලන්න වෙන්නැ... '' තව එකෙක්ගෙන් වටිනා කාලෝචිත අදහසක්.... මොනා උනත් ඒ කිව්ව කතාවත් ඇත්ත.. දැන් මේ ප්‍රශ්න සේරම යොමු වුන මනුස්පයා ඉන්නේ ට්‍රැෆික් ඔෆිසර්ගේ අම්මාට පින් දෙන ගමන්.. මහ වැඩ්ඩො ටිකක් වගේ බයික් රේස් කළාට මුන් සෙට් එකම වගේ තාම දහතුන වසරේ.. අද මේ ඉස්කොලෙත් කට් කරලා සේරොමලා සැදි පැහැදි බලාගෙන ඉන්නේ වෙන මොකටවත් නෙවේ උන්ගේ සෙට් එකේ ලීඩරයා වගේ ඉන්න ගවියාගේ මේ අලුත් ක්‍රෂ් එක බලා කියාගන්න..

ගවියා කියන්නේ ගවිෂ්ට.. ගවිෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි... සරල සිංහලෙන් කියනවා නං යන්තං දහනවයක් වෙච්ච හෙන ලොකුයි කියලා හිතන් ඉදියාට තාම කලිසමේ සිප් එක දාන්න අමතක වෙන , දැකුම්කලු කොලු ගැටයෙක්.. තනි සුදු යමහා බයික් එකට නැග්ගම ගානට කකුල් දෙක බිම තියන්න පුලුවන් ගානට මිනිහා උසයි.. කලු පාට ලෙදර් ග්ලවුස් එක දාපු දකුනු අතින් බයික් එක එක තැන රේස් කරන විදියෙන්ම වටේ ඉන්න උන්ටත් පේනවා උගේ තියෙන කඩි කුලප්පුව...

- Plot 23 -Where stories live. Discover now