- 17 -

5.7K 860 59
                                    

ලියන්නෑ ලියන්නෑ ගගා ඉදියාට , දැන් අන්තිම දවසේත් ගවීෂ් එක්සැම් එකට වාඩි වෙලා ගෙදර එන ගමන්... කොච්චර රස්තියාදුවයි කාලේ කැමයි තිබ්බත් ගවීෂ්ට තිබ්බේ ටිකක් උඩ IQ එකක්... කොහොමත් බර්ඩ්‍රේන් කෙනෙක් විදියට එයාට තිබ්බ හොද මතකය නිසාම බයො පේපරේට කලින් දවසේ පොත කියවපු ටිකෙන්ම උනත් මිනිහා සැලකිය යුතු MCQ ටිකක් ගැහුවා... ස්ට්‍රක්චර්ඩ් එකත් යන්තං ෂේප් කරගත්තට බොරු කියන්න ඕන නැනේ එසේ එක නං තනිකර විදේශ ආධාර පිට තමයි මිනිහා බයො පේපර් එක ලිව්වේ... වාසනාවේ තරමට කෙමෙස්ට්‍රි , ෆිසික්ස් දෙක ඇගේම තිබ්බ ගානට ලියලා ඉවර කරලා දාලා අද ඉන්ග්ලිෂ් පේපර් එක පැයෙන් ලියලා පැය දෙකක්ම නිකන් ඉදලා යොවන්දිව ගන්න බාලිකාව පැත්තට ගාටන ගමන් තමයි මේහ්... යුනිෆෝම් එක අදින අන්තිම දවස නිසා කොල්ලාේ සැට් එක එක්ක ෆොටො ටිකකට පෙනි හිදින්න අමතක කලෙත් නෑ මිනිහා... වෙන මොකටවත් නෙවේ මිනිහාට දුක අච්චර දිගට ලස්සනට වවලා තිබ්බ කොන්ඩේට එක්සැම් එකට කලින් දවසේ ගුඩ්බායි කියන්න උන එක....

'' ගවීෂ්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! '' එයාලාගේ ආදරණීය බාලිකා පාසල පැත්තට යන්නත් කලින්ම අතර මගදි යොවන්දි පාරේ ඉදන් අත වනනවා දැක්ක ගවීෂ් යොවන්දිගේ යාලුවො සෙට් එකටත් රවලා බයික් එක පාරෙන් එහා පැත්තට අරන් නැවැත්තුවේ මේකි නං දැන්ම එන්නැ කියලා ඉවෙන් වගේ තේරුම් අරගෙන... ඥාති සහෝදරියක් මේන්ටෙන් කරන එකත් හෙන වදයක් කියලා තේරෙන්නේ මේ වෙලාවට තමයි.. කොහේද ගෙදර ගිහින් හොද නින්දක් දාලා හවසට දෙවෙනි පරම්පරාවම වගේ බීච් එක පැත්තට යන්න තමයි හිතන් ඉදියේ... හෙට ගෙදර ලොකු ඩිනර් පාටියක් තියෙනවා කියලාත් ගවීෂ්ට වටින් ගොඩින් ඇහිලා තිබුනා....

යොවන්දි එයාගේ ෆොටො ෂූට් එක ඉවර වෙලා එනකං ගවීෂ් බයික් එක නවත්තලා ෆෝන් එක අතට ගත්තේ එයාලාගේ ස්කුල් සෙටාර් එක අලුතින් හදපු ට්‍රිප් ග්රුප් එකේ නොටිෆිකේෂන්ස් දාහම නැවතිල්ලක් නැතුව ස්ක්‍රින් එකේ වැටිගෙන යද්දි... මුන්ගේ කටින් යන ට්‍රිප්... ගවීෂ් බැන බැන ඌ මෙන්ෂන් කරලා තිබ්බ මැසේජ්වලට රිප්ලයි කරගෙන ගියේ ස්ටේටස් පැත්තට ගාටන ගමන්... නයිස්.. එච්චරයි අඩුවට තිබ්බේ.. මුළු ෆොටො ෂූට් එකම පෝස්ට් කරලා සේරමලා.... ෆොටෝවල කොන්ඩේ දැක්කම තමයි ගවීෂ්ට හික් ගැවෙන්නේ...

- Plot 23 -Where stories live. Discover now