- 18 -

5.9K 847 30
                                    

අද වෙනදට වඩා විලේජ් එක නොසන්සුන්... යොරෙල්ස්ලා පවා ඉන්නෙ සැනසිමකින් නම් නෙවේ.. කොයි වෙලේ මොනවා වෙයිද කියන්න දන්නැති අවිනිශ්චිත හැගිම් එක්ක විලේජ් එකේ හැමෝගෙම අවධානය මේ වෙනකොට, එයාලාගේ නුමුහුම් ප්‍රධාන පෙළපත් දෙකේ මන්දිර දෙකට කිව්වට වැරදි නැ... සමහර විට අවුරුදු විස්සකට මෙහා මතක ඇති කාලේක මේ විදියට වේඝාර්ණලාත් , ආශක්‍යලාත් එකම දවසක විලේජ් එකට එකතු වෙලා නෑ...ඉතින් විමල් ආශක්‍යසිංහගේ ඉදන් ගත්තම සම්පූර්ණ පරම්පරා තුනමත් , ආර්ය වේඝර්ණාරච්චිගේ ඉදන් ගත්තම සම්පූර්ණ වේඝාර්ණාරච්චි පරම්පරා තුනමත් උන්හිටි තැන්වලින් ආයේම විලේජ් එකට ඇවිත්.. ඉතින් එයාලා එයාලාට වඩා බය ඇවිලිලා තියෙන්නේ යොරෙල්ස්ලාගේ... වෙනදට අවුරුද්දට දවස් දෙකක් වෙන මේ රැස්විම් අහම්බෙන් එකම දවසක වැටිලා තිබුනම !!!..... කොයි වෙලේ ඇවිලෙයිද කියන්න බැරි යුද්ධයක අතරමැද සරණාගතයො වගේ යොරෙල්ස්ලා බලාගෙන ඉදියේ තමන් පක්ෂපාති උන පෙළපත වෙනුවෙන් මුර රැකගෙන කිව්වට වැරදි නැ...

'' මොනා වෙයිද දන්නැ....  '' මෙතුල කිව්වේ ටයිඩ්‍රැක්ස් එකෙන් එළියට බහින්න කලින්.. බස්නාහිර අහසේ ඉර බැහැගෙන යන්න ඔන්න මෙන්න.. අහසත් දම් පාට වෙලා වළාකුලු පේළි හැදිලා අහස කෙළවරේ... හරියට ඩියුටි ඕෆ් වෙන්න වගේ....

'' ගානටම ඒකත් එක දවසේ වැටුන විදිය.. '' ක්‍රිෂ් කිව්වේ තාම මැන්ෂන් එක පැත්තට යන්න මෙලො අදහසක් නැති ගානට...

'' අපි තමයි විසිල් එකට දුවන්න ලෑස්ති පිට ඉන්න ඕන..ඉතින්.. '' අවිනාශ් කිව්වේ ටයිඩ්‍රැක්ස් එකත් මිනිස්සුන්ගෙන් හිස් වෙලා තියන විදිය බලලා..

'' දුවගෙන එන්නේ මං ගාවටනේ ? '' මෙතුලත් දත් ටිකම පෙන්නලා හිනා වෙලා ඇහුවේ අවිනාශ්ගේ සම්පූර්ණ ඇස් දෙකේම බැල්ම එයාටම අයිති කරගන්න ගමන්... මේ දැන් විනාඩියකට කලින් ඉතින්  ඔළුවත් ඉඹලා සමුදුන්නා විතරයි.. ඉතින් පුලුවන්ද මේ කෝලමට යන්න දෙන්න ? ...

'' අපො - මේ මේ... දෙන්නා කරගන්න දෙයක් කරගන්න මං ගියා....මෙතුල අය්යේ මං යනවා.. අවිනාශ් මං කැපුනා...''

'' ක්‍රිෂ් - .. මියුන්ව තනි කරන්න එපා... ''

'' අහ් ? '' ක්‍රිෂ් නළල රැලි කලේ මෙතුල දිහා බලලා.. එයා ඒම දේවල් කලින් අහලා නැ කියන්න ක්‍රිෂ් හොදටම දන්නවා.. කොහොමත් යාදම් ගිවිසුමේ විසි තුන්වෙනි කොන්දේසිය කෙසේ වෙතත් මේ වෙනකොට මෙතුලයි , ක්‍රිෂ්නුයි අවිනාශ් හින්දාම යාලුවො වෙලා ඉවරයි... ඒත් මේම --

- Plot 23 -Where stories live. Discover now