- 95 -

7.4K 795 510
                                    

අනිවාරෙන් ඉතින් ලක් එක උනත් කැරකෙන්න ඕනේ මේ හැන්ඩ්සම් වේඝර්ණ කොල්ලාගේ පැත්තට වෙන්න එපැයි ... බුහහහාඅ..... හැබැයි දින්නට මොකද  ගවීෂ් හෙනම ගැම්මෙන් ඉන්නැත්තේ උපරිම විනාඩි දෙකයි ... පරාජය දරාගන්න ඕනේ කියලා පොඩි කාලේ එක වසරේ ටීචර් කියලා දෙනවා තමයි.. ඒමයි කියලා දිනපු එකා පැරදිලාද සැක හිතෙන ගානට මෙහම පරාජය බාරගන්න එකෙක් දැක්කමයි....

" මං දින්නෙ !! " ගවීෂ් ආයේ කෝකටත් වගේ මතක් කලා... කියන්න බැනේ අමතක වෙලාද කියලා... ඇයි ඒ වගේ ලයින් එකක්නේ දෙන්නේ..... මේං මූ හිනා වෙනවා....!!

" බොල මං දින්නේ !! " ගවීෂ් කිව්වේ මියුන් ඉක්මනින් හා කියන්න ඔළුව වනද්දි.....

" ආන්න එහෙම වරෙන්....  දැන් මේකෙම අපි විතරද ? " ගවීෂ් ඇහුවේ මියුන් ඒකටත් ඔලුව විතරක් වනද්දි....

"  කූල් !  " ගවීෂ් විස්ල් එකකුත් ගැහුවේ වටේම එක පාරක් බලන ගමන්.... ලී ඩෙක් එකකින්ම තිබ්බ බැල්කනි එකට ගියාම ලේක් වීව් එකට ගානට සෙට් වෙන ප්ලේස් එක.... ඔය මදැ සිරි නැරඹුවා ඉතින්.... මියුනුත් එහා පැත්තේ අත් වැටට හේත්තු වෙලා බලාගෙන ඉන්නේ ලේක් එක දිහා.... ඈතට එල්ල උන ඒ කළු ඇස් දෙක හරිම සන්සුන්.... ගවිෂ් නිශ්ශබ්ද උන නිසාමදෝ ඒ සන්සුන් ඇස් ඊළගට හැරවුනේ එයා දිහාවට.....

" මොකො ? " ගවීෂ් මූණටම ඇහුවේ යන්තන් හිනා වෙලා.... මියුන් මුකුත් නැ කියන්න ඔළුව වැනුවේ ගවිෂ්ගේ ඇස් මග අරින්නේ නැතුව.... ගවීෂ්  ඒ සැරේ මියුන්ගේ අතින් අල්ල ගත්තේ එයාව , තමන් දිහාවට හරවගෙන....

" ඇයි ? මම ලීඩ් කරයි කියලා ශුවර් නැද්ද ?  "

" එහෙමමත් නැ... "  මියුන් ඒ උත්තර දුන්නේ ගවිෂ්ව ළගට අදින ගමන්.... මියුන්ගේ නළල පරිස්සමට එයාගේ නළලේ තද වෙද්දි ගවීෂ් ඇස් දෙක යන්තම් පියාගත්තේ සන්සුන්ව..... එයාගේ අත මියුන්ගේ බෙල්ල දිගේ ගුරුත්වයට අහුවෙලාද මන්ද ලිස්සනවා ගවිෂ්ට දැනෙනවා.... ගවීෂ් ආයේ ඇස් ඇරලා පියාගත්තේ මියුන්ගේ සම්පූර්ණ උණුහුමට.... ඒ විදියට නළලට නළලට තෙරපෙනකොට දැනෙන්නේ පුදුම තරමේ විශ්වාසයක්.....

" ගෝ ෆස්ට්...... "  ගවීෂ් මිමිණුවේ මියුන්ගේ මූණේ ඇදුන හිනාවට ඇස් අරින්නවත් කලබල නොවී.... ඒක එයාට ඇහෙනවා... මියුන් හුස්ම ගන්න සද්දෙත් සීතල හුළගෙන් වෙන් කරගන්න පුළුවන් තරම් හොදටම ඇහෙනවා....

- Plot 23 -Where stories live. Discover now